(අංජුල මහික වීරරත්න)
දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී.
දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි.
මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති අතර ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් පමණකින් කපා දැමීමටත් තීන්දු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල ලබන සති දෙක ඇතුලත නිදහස් කිරීමට නියමිතය.
ඒ සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා මත ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට නියමිතව පවතී. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක් ලබාදීමටද නියමිතය.
ඒ අනුව ලබන දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 780ක් හෙවත් රුපියල් බිලියන 257ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව අැතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ල මරේ...! හොරු ටික අලුත් ඇඳුම් එහෙම මහලා දතකට මැදගෙන සැරසේවි ආපසු හොරකමට...
ජෙප්පෝ මේවාට කැමැති නෑ...
ඔව්, ඔව් ... හොරුන්ට තව දොළ පිදේණියක් හම්බවෙනවා... පහුගිය කාලේ හතේ හත වැදිලනේ හිටියේ... දැන් කල්ල මරේ වෙයි...
ඉන්න හොරු පන්නමු... ඒක කරන්න පුළුවන් ජනතාවට හොර නැති බොරු නැති මාලිමාව පෙන්වන පාරේ අපි හැමෝම යමු...
ජයවේවා..! අපේ ලොකුම ආදායම් මාර්ගය තමයි ණය ගැනිල්ල... බරසාර ණයක් ලැබුණාම සන්තෝස වෙන්න ඕනේ නේද?
මෙහෙම ණය ගන්න ගියොත් ලංකාව ලෝක ණයකාරයෙක් වෙලා ඒක ගෙවාගන්න බැරිව යම් දිනයක ලංකාව අත්පත්කර ගනීවි. ණය ගත්තේ ආයෝජනවලට නොව කාලාබීලා හොරකම්කරලා නාස්ති කරන්න. ඉතින් රටකට ඔරොත්තු දෙයිද? අනාගත පරම්පරාවත් එක්ක ණයකාරයෝ වෙලා රට හිඟන රටක් බවට පත්කරන්නේ මේ දේශපාළුවන්...
ආයෙ ඉතින් මහ හොරුන්ට රජමගුල් ඔය ටිකත් හොරා කනවා මොවුන් මහින්දටත් ටිකක් දෙන්න මොකද ජීවත් වෙන්න සල්ලි නැතුව ඇති පවුනේ...!
ණයට කෑම, පිනට කෑම, විකුණන් කෑම හැර වෙනදෙයක් නොදත් කම්බ හොරු...!