(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ වැටීම හේතුවෙන් පසුගිය වසර දහයේදී රුපියල් කෝටි 51150ක පාඩුවක් සිදුවී ඇතැයි තේ වෙළඳපොළ කරුණු අධ්‍යයනයේදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මෙරට ඉතිහාසයේ වැඩිම තේ නිෂ්පාදනය 2013 වර්ෂයේදී වාර්තා වූ බවත් එය මෙට්‍රික් ටොන් 34000ක් බවත් ඔහු කීවේය.
එසේම තේ නිෂ්පාදනය 2015 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 328800 කින්ද 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 278489කින්ද 2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 256039 කින්ද පහළ ගිය බව පවසන මහාචාර්යවරයා මීට සමගාමීව තේ අපනයනයද පහළ ගිය බව ප්‍රකාශ කළේය.
අපේ අපනයනය 2013 වර්ෂයේදී මේට්‍රික් ටොන් 319700 කින්ද 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 306900කින්ද 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 265569කින්ද 2023 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 241912 කින්ද පහළ ගිය බව අතුකෝරල මහතා කීවේය.
තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ යෑම නිසා සිදුවූ පාඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලින් සියයට 75 කට සමාන බව හෙතෙම සඳහන් කළේය.
තේ අපනයනය සියයට 24කින් පහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහාචාර්යවරයා කිසිම දෙයක හොඳ පැත්තක් දකින කෙනෙක් නොවේ...
ඒක නිසා වෙන්න ඇති ක්‍රමක්‍රමයෙන් අමුදලු සඳහා ගෙවන මුදල මාසයෙන් මාසෙට බහින්නේ. එහෙම වුනොත් තවත් පාඩු වෙන්න පුළුවන් ඉතින් අපිට ජනවාරියේ කිලෝවක් සඳහා රුපියල් 220/= ප්‍රවාහන වියදම් 5/= අඩුකලාම 215/= පෙබරවාරි 215/= ප්‍රවාහන රුපියල් 5/= අඩුකර 210/= මාර්තු 205/= ප්‍රවාහන අඩුකර 200/= අප්‍රේල් රුපියල් 200/= ප්‍රවාහන අඩුකර 195/= යි නමුත් කම්කරු වැටුප් 1700/= කළ නිසා එම ගාස්තු අනුව දළුකඩන ගාස්තුව වැඩිකරන්න... ඕනෑ. ඉතින් අපි කොහොමද ජීවත්වෙන්න කියලා කියන්න අපිට සමුර්ධි නැහැ. අස්වැසුම නැහැ වැඩිහිටි දීමනා නැහැ. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට කාලයක් දුන්නු පොලියත් නැහැ.. දරුවන්ට රැකියා නැහැ ඕක තමයි රටේ සත්‍යම තත්වය...
මහබැංකු වාර්තාව ගත්තා... වගු දෙකතුනක් සසඳලා ප්‍රකාශයක් කෙරුවා. මටත් මහාචාර්ය වෙන්න පුළුවන් මෙහෙම... හා බැරිද?
කැළණිවැලි තේ වතු සමාගමට අයත් සියළුම තේ වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ක්‍රියා කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ, අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම යටතේ 330 ,331 වගන්ති ප්‍රකාරව සහ සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම යටතේ 340, 341,342 වගන්ති ප්‍රකාරව කරන වරැදි බව පැහැදිලියි. රජයේ අමාත්‍යවරයෙක්ව සිටිමින් රාජ්‍ය විරෝධීව හැසීරීම ප්‍රශ්න කළ යුතුයි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම, ද සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම ද වූ නීති උල්ලංඝනය කරන බවට තර්ජනය කරන මෙවැනි අමාත්‍යවරයන් ආණ්ඩුවක සිටීම, ලංකා රාජ්‍යට කරන බවත් ද්‍රෝහිකමකි. මොවුන් තමන් නියෝජනය කරන ඡන්ද දායකයින්ව රජයට විරුද්ධව කැරැළි ගැසීමට පොළොඹවන්නේ නොවේද? මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂය ජනතාවට පිළිතුරු දීමට බැඳී ඇත. රටේ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන ගමන් පාර්ලිමේන්තු වරප්‍රසාද සහිත, මෙවැනි ආමාත්‍යවරු ආණ්ඩුවේ තබාගෙන රට පාලනය කිරීම රටේ ජනතාවට...
රටේ ජනතාවට කරන මහත්ම නිගාවකි. රටේ ජන්තාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමකි...
ඔහොම තියෙන තත්ත්වය නොදැනද සජිත් ප්‍රේමදාස තේ වතු කම්කරුවන්ට බෙදල දෙන්න කතා කරන්නේ ඡන්ද බලාගෙන කරන නීච යෝජනා....
මේ මහාචාර්ය උන්නැහේ කඩේ යන්නේ සජබෙට කියල කවුරුත් දන්නවා . බොරු පල්බොරු හා සංඛ්‍යාන බොරු කියල බොරු වර්ග 3 ක් තියෙනවනේ . ඉතින් මෙයාගේ කතා අයත් වන්නේ ඔය තියන අන්තිම බොරු වර්ගයට නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ . පවු මිනිහ ඉලනාග චන්දෙන් පස්සේ ලොකු තනතුරක් බලාපොරොත්තුවෙන් නේ මේ හැටි කඩේ යන්නේ .