(අංජුල මහික වීරරත්න)
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් සඳහා චීන රජය ඩොලර් මිලියන 350ක ප්‍රදානයක් දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී අදාල එකඟතාව ලැබී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එයින් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙන බව සඳහන් කළේය.
මෙයින් නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් අරඹන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිත බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සල්ලි ටිකටත් දෙවියන්ගේ පිහිටයි...!
ලොක්කා, කට්ටියටම 2025 අලුත් අවුරුදු හොඳට කන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. අපි ගෙවන්නම්... පොඩි ගෙවල් ටිකකුත් හදන්න. නැතිනම් ඉතින් ලෝකයා මොනවා හිතාවිද?