
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව මෙම නියෝජිත පිරිස සාකච්ඡා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගන්නා සමාගම් වන අතර ඊට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලාංකික කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
50 දෙනකුගෙන් සමන්විත එම චීන නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළු බඩු ලෙස නම් කළ හැකි බවයි.
ලාංකික කුළු බඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහල දැමීමට පියවර ගත යුතු අතර අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බව චීන නියෝජිතයින් මෙහිදී සඳහන් කර ඇත.
එම චීන නියෝජිතයෝ බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල ද නිරීක්ෂණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා ඔක්කොම විස්තර ගෙඩි පිටින් .ඊට පස්සේ ඉන්දියාවෙන් බදු අරන් අපිටම හදලා එවයි ලාබෙට
විශ්වාස කරන්න එපා චීනෙම වවලා සියල්ල සකසලා අපටයි, ඉන්දියාවටයි මුළු ලෝකයටම කුළුබඩු චීනෙන් බෙදාහරියි. අනික චීන ආහාරවලට කවුද අපේ කුළුබඩු එක්කරන්නේ...?
අපේ වටිනා කුළුබඩු. චීනාට දීලා. නුඩ්ල්ස් අර ගන්න. චින රජයට සල්ලි නැතිවාට නෙමේ මේ දේවල් කරන්නේ, ලන්කාව පාලනය කරන්නේ මීහරක් රෑනක් බව හොඳට දන්නා නිසා. ඉදිරියේදි මේ. දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා. පොල් බිත්තර. ඒ වගේ තමයි... මේවාත්. චීනා දුරබලන කෙනෙක්. අපේ අය බිත්තර නැහැ කියලා දන්නේ... කන්න ගියාම. ඒ අපේ අයගේ හැටි. චීනා මේ කුළුබඩු හදලා මුලු ලෝකෙටම බෙදයි. එදාට මීහරක් රෑන කෑ ගහන්න ගනියි. අපිව රැවැට්ටුවා. අපේ හොඳම සම්පත් අරන් ගියා කියලා. අර සුද්දාට බනින්නේ... රටේ හැමදේම හුරන් අරන් ගියා කියලා. මී හරක් රෑන ලැජ්ජා වෙන්න ඕන මේ වගෙ දේවල්වෙනකොට බිත්තරයක් නැති රටක් ලෝකේ කොහේවත් නැතිව ඇති. ඒ වුණාට කියන්නේ රට දැන් තිබුණාට වැඩිය හොඳයිලු...
හම්බයොත් ඔහොම කුළුබඩු හොයන්න ලංකාවට ඇවිත් තමයි හිටියේ... දැන් ඔවුන් මුළු රටම මුස්ලිම් කරන්න හදනවා.