(අංජුල මහික වීරරත්න)
ලාංකික ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නෞකා ලියාපදිංචිය දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන ප්‍රධාන මාර්ගයක් වන අතර ඒ ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහි කිරීමට විභවයක් පවතින බව රජය කියයි.
ශ්‍රී ලාංකික ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය හා විදේශීය ආයතන වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා යෝජනා ලබා ගැනීමටත් තාක්ෂණික ඇගැයීම් කමිටුවක් මගින් එකී යෝජනා ඇගයීමට ලක්කර ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ මත වඩාත් යෝග්‍යතම ආයතන තෝරා ගැනීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝයි. අපේ කට්ටිය නැව් ගිලින්නත් දස්ස අය.