IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාවේ අර් බුදයට දේශපාලන විසදුමක් නොදුන්නැයි ඉන්දියාවේ කනස්සල්ල

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ජනවාර් ගික ප්‍රශ්නයට ලබාදීමට පොරොන්දු වූ දේශපාලන විසඳුම ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට සහභාගී වෙමින් ජිනීවා හි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මග පෙන්වීම යටතේ මානව හිමිකම් ප්‍රවර් ධනය සහ ආරක්ෂා කිරීමට රාජ්‍යයන්ට වගකීමක් තිබෙන බව ඉන්දියාව සැමවිටම විශ්වාස කරන බව පාන්ඩේ මහතා පැවසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම,පළාත් සභාවලට බලය බෙදීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තුළින් ජනවාර් ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට ඇති කැපවීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්ව නැතැයි පාන්ඩේ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වී ඇති මානව හිමිකම් යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට ඉඩ තිබියදී පාන්ඩේ මහතා මෙම ප්‍රකාශය සිදු කළේය.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවලදී තුන්වරක් ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර දෙවරක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.    



අදහස් (2)

ලංකාවේ අර් බුදයට දේශපාලන විසදුමක් නොදුන්නැයි ඉන්දියාවේ කනස්සල්ල

Bamunuarachchi Tuesday, 13 September 2022 07:56 PM

ඕගොල්ලන්ගේ කණස්සල්ල ඕගොල්ලෝ තියාගන්න. දෙමළා මේ රටේ ජීවත් වෙනවා නම් රටේ නීතිවලට අවනතව ඉන්න. බැරිනම් අකුලාගෙන යන්න.

:       0       1

BamunuarachchiWednesday, 14 September 2022 05:48 PM

මේ රටට දෙමල්ලු අත්‍යාවශ්‍යම ජනවර්ගයක් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site