
(අංජුල මහික වීරරත්න)
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලෙක් විය යුතු නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කොළඹ දී අද (9)පැවසූහ.
රටේ ජනතාවගේ විශාල දරිද්‍රතාවය ගැන මූල්‍ය අරමුදලට වැටහීමක් නැතැයි කී කාදිනල් තුමෝ එහි කොන්දේසි වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ද කීහ.
කොළඹ අග රදගුරු මැදුරු දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකදී කාදිනල් තුමෝ මේ බව කීහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් තුමෝ,
අපගේ ඉතිහාසය සහ සභ්‍යත්වය හැදිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මතයි.එය රටට උරුම වූ ප්‍රධාන පෙළේ දායාදයක්.අවුරුදු 2600ක කාලයක් තිස්සේ පැවතෙන උරුමයක් සහිත අපට පිටරට වලින් එන දේවල් හොඳ ද නරක ද කියා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.
විදේශ රට වලින් එන චින්තන පස්සේ වහලුන් වාගේ ,ඇඹලයන් වාගේ යෑම අපේ ආත්ම ගරුත්වයට මදි කමක්.අපේ සමාජයේ දිළිඳුකමින් දරිද්‍රතාවයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉන්නවා.එවැනි පසුබිමක් තුළ විදේශ රට වලින් ණය ලබා ගන්න එපා යැයි අප කියන්නේ නැහැ.නමුත් විදේශ රට වලින් අප ණය ලබා ගන්නවා නම් ඒ ණය පියවීම සඳහාත් අප විසින් වැරදි නැති ක්‍රියාමාර්ග ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟ විය යුතුයි කියන කාරණය මා විවේචනය කරන්නේ නැහැ.නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහලුන් විය යුතු නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.එම්.එෆ් අවශ්‍යතාවන්ට අවනත නොවී රට ගොඩගන්නා ආකාරයත් පාහදා දෙනවා නම් හොඳයි.
වසර 2-3 කට ප්‍රථම අපි ආර්ථික අගාධයක වැටිලා සිටින විට අපිව ගොඩ ගත්තේ කතෝලික සභාවද ? කරුණාකර ඔබ වහන්සේ අදාළ නැති නොදන්නා මාතෘකා ගැන කතා නොකර ඉන්න , 90 දශකයේ මුල විශාල ආර්ථික අගාධයක වැටිලා හිටපු ඉන්දියාව IMF ප්ලෑන් එක හරියට ක්‍රියාත්මක කරපු නිසා අද ගොඩ ගිහින් ඉන්නවා , , 16 වතාවක් IMF ගියපු අපි හැමදාම වැඩේ බාගෙට කරල් අතහැරලා දමපු නිසා අද පුක බිම ඇනගෙන ඉන්න , මොන ආණ්ඩුව ආවත් IMF වැඩසටහන් තව අවරුදු 5-6 හරියට කරගෙන ගියොත් අපිත් ගොඩ ,
ඔබතුමා මෙවැනි ප්‍රකාශ නොකරනවානම් තමයි හොඳ.
උන්නාන්සේට පුළුවන්නේ ඕනම නම් ලොව පුරා සිටින කිතුනුවන්ට කියන්න — අපේ රටේ දිලිඳු ජනතාව වෙනුවෙන් එක ඩොලරයක් බැගින් එවන්න කියලා. පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් එව්වානම් රටම ගොඩ නේද? මොකද ඒක කරන්නෙ නැත්තේ?
දේව කාර්ය කරගෙන ඉන්න, ආගමික නායකයෝ දේශපාලනයට ඇබ්බුනාම නැති ප්‍රශ්න.
අනේ කාදිනල් තුමනි, රට පාලනය කරන විදිය ගැන රජයට කරන්න දීලා ඔබතුමා කතෝලික බැතිමතුන්ගේ ආගමික සුභසිද්ධිය ගැන බලන්නකෝ.
අයියෝ සාමිනී මේ අණ්ඩුවට සුදු හම තියෙන කාට උනත් විරුද්දව යන්න කොන්ද පණ නෑ. ඔක්කොම චන්ඩිකම් රට ඇතුලේ විතරයි. මානව හිමිකම් කොමිසමේදී වෙනදට හැමදාම ලංකාව එක්ක හිටපු චීනෙයි රුසියාවයි දෙකත් මේ සැරේ නෑ. අඩුම ගානේ හොරෙන් ගිවිසුම් 7ක් ගහපු ඉන්දියාවත් නෑ.
පිට රටකින් ගෙනාපු ආගමක් වැලඳ ගත් ඔබ වහන්සේ කරල තියෙන්නෙත් ඕකම නේද? අපි බෞද්දයෝ කරල තියෙන්නෙත් ඕකම නේද? එහෙම නං අපි ඔක්කොම ඇඹලයෝ නේද?
හා..කියනකම් තමා ආන්ඩුව ඉදියේ.දැන් පෙරහැර ගිහින් ඉවරයි. දැන් ඉතින් පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයා දැන් ගන්න ඕනේ නැතැයි ?
ඔබ වහන්සේත් දන්න එකයි නොදන්න එකයි එකටම කියවන්න යන්න එපා. එතකොට විහිලුවක් වෙනවා.
මහා මොලකරු නාටකය ඉවරද දැන් ?
රට බංකොලොත් කරලා අයි. එම්. එෆ් එකට යට කරලා තමයි රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලිය අනුරට රට බාර දුන්නේ, ඒක ඔබවහන්සෙත් හොදටම දන්නවා, දැන් ඒ උගුලෙන් මිදෙන්න ලේසි නැහැ එකත් ඔබවහන්සේ දන්නවා ඇති. ඒ නිසා තමන්ගේ මතය කියන විට ඔබවහන්සේ ප්‍රවේශම් වෙන්න, නැත්නම් ඒක මේරට බංකොලොත් කෙරුව හා අරාජික කෙරුව මිනිමරු හොර කල්ලියට අනියමින් සේවයක් වෙනවා.
මහ මොළකරු හොයාගෙන ඉවරයිද?
අර හිටපු සීයා තමයි පටලවලා තිබ්බේ , ඒක නිසා IMF නැතුව දැන්ම වැඩකරන්න බෑ.
කොහොමත් IMF එකටත් තව වැඩ තියෙනවා. NPP රජය 1960 දි විතර ආවනම් අපි වලේ වැටෙන්නෙ නෑ..
කාදිනල්තුමා කියන්න හදන දේ NPP/JVP ජෙබයියෝ කියලා හඳුන්වන අයට තේරුම් ගන්න බැරිවීම අමුතු දෙයක් නොවෙයි, ඒ වගේම ඔවුන්ට එහි හරය තේරෙන්නේ නැහැ වගේ. IMF ගනුදෙනුව සහ එහි බැඳීම දෙපැත්ත කැපෙන දෙයක්.... ජෙබයියෝගේ ස්වභාවික ප්‍රතිචාරය ජනප්‍රිය ප්‍රතිචාර සඳහා මෙන්ම අනුරගේ වාචික හිස් කතා සඳහාද වේ...
ළිදට වැටෙන මිනිසා තණකොළ ගහේ හරි එල්ලෙනවා.
රනේ මහත්මයා NPP එක 1960 දී වගේ ආවා නම් අපිත් උතුරු කොරියාව , කියුබාවේ ජනතාව වගේ පෝලිමේ ඉඳලා අඩුවට දෙන පාන් කැබැල්ලක් කාලා හරි සතුටෙන් ජිවත් වෙනවා නේද ?
රෝමයේ වතිකානුවට පය තිබ්බාම, තනිකරම බටහිරට ගැතිව කටයුතු කරන මෙතුමා ලංකාවේදී, බටහිරටත් දොස් නගමින් බෞද්ධ සභ්‍යත්වය ගැන ලොකුවට කතා කරනවා... ඔය කියන මහලොකු සභ්‍යත්වයක් මේ රටේ තියනවාද කියලා ඉතාලියට ගොස් ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ගෙන්ම අහලා බැලුවොත් ඒ අය සත්‍යය පවසයි, ලංකාවේ මිනිස්සුන්ගෙයි, ඉතාලි ජාතිකයින්ගේ සභ්‍යත්වයේ හා විනයගරුක බවේ වෙනස...