(ඉන්දිකා රාමනායක)
ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුව යටතේ පලාගිය පුද්ගලයන් බවට ලැයිස්තුගත කර ඇති 6,872 අතර ට ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකුගේ ද නම් ද එහි නවතම වාර්තා අතරට ඇතුළත් කර අැතැයි ඉන්ටර් පෝල් වෙබ් අඩවිය සදහන් කරයි.
මෙම හත් දෙනා අතරින් සිව්දෙනකු ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයන් වශයෙන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර සෙසු පලාගිය තිදෙනාට ඔවුන්ගේ ප්‍රෙද්ශය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇතග
නම සදහන් පිරිස අතරින් (38) හැවිරිදි ද සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා (49), මුනිසාමි තර්මසීලන් (50) සහ වික්නරාසා සෙල්වන්තන් (35) ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකාවට අවශ්‍ය සිටින පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇත ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇත.
මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ දිවංගත අමාත්ය් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර ඇත.
තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය බව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවේ.
සෙසු නම් සදහන් ශ්‍රි ලාංකිකයන් තිදෙනා අතර වවුනියාවේ කුමාරසාමි නවනීතා(52) නමැති ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවටද, ,ඇලබොඩගම පදිංචි මොහොමඩ් පව්මි (61) ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට ද, යාපනයේ මානික්කවාසගර් විජයරාජා (41) කැනඩාවට ද අවශ්‍ය කරන පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙඩි අඩෙවිය සඳහන් වේ.


2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ 7 ක් ඉන්ටර් පෝල් රතු ලයිස්තුවේ
de silva Tuesday, 13 June 2023 10:13 PM
ඉතාලියේ පදිංචිවෙලා ඉන්න කොස්ගොඩ නදුන් මෙම ලැයිස්තුවේ නැත්තේ මොකද? ඔහුට රජයේ සහ හිටපු පොලිස් නිලධාරියෙක් නිසා පොලිසියේ අනුග්‍රහය තිබෙන නිසාද?
Kotiya Wednesday, 14 June 2023 11:51 AM
හතෙන් 5ක් දෙමළ, එක්කෙනෙක් මුස්ලිම්, එක්කෙනෙක් සිංහල.
dasun Wednesday, 14 June 2023 12:43 PM
කෝ ජාලිය වික්‍රමසූරිය...?
fairoos Wednesday, 14 June 2023 02:16 PM
එතකොට මහබැංකු හොරාට තවම රතු නිවේදන නැත්ද?
mangala Wednesday, 14 June 2023 03:15 PM
කෝ අර්ජුන මහේන්ද්‍රන්...? රනිල්ගේ යාලුවා...
de silva Wednesday, 14 June 2023 06:21 PM
මහබැංකු හොරාට අනිවාර්යයෙන් රතු නිවේදන නිකුත් කරන්න ඕනේ...
de silva Wednesday, 14 June 2023 06:22 PM
ජාලිය වික්‍රමසූරියට දඬුවම් ඇමෙරිකාවේ උසාවියකින් ලැබුණා. ඔහු ඉන්නේ ඇතුලේ මම දන්න විදිහට...