(විමුක්ති එස් රුද්‍රිගු)
ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානය සහ 15 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මහාචාර්යවරු දෙදෙනකු සමත්ව ඇත.
චීනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර 11 වැනි ස්ථානය හිමිකර ගැනීමට එරට හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා සමත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය මලික් පීරිස් මහතා චීනය තුළ 15 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
රිසර්ච්.කොම් වෙබ් අඩවිය සිදුකල ශ්‍රේණිගත කිරීමට එම විද්‍යාඥයන් චීනය තුළ හිමිකරගෙන සිටින ස්ථානය සහ ලෝකයේ හිමිකරගෙන සිටින ස්ථානය ඇතුළත් කර ඇත.
ඒ අනුව මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා චීනය තුළ 11 වැනි ස්ථානය හිමිකර ගනිද්දී ලෝකයේ සිටින ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතරින් 494 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.එසේම මහාචාර්ය මලික් පීරිස් මහතා චීනය තුළ 15 වැනි ස්ථානය හිමිකර ගනිද්දී ලෝකයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් අතර 883 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා සහ මහාචාර්ය මලික් පීරිස් මහතා ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් 43737 ක් අතරින් මෙම ස්ථාන දිනා සිටීම විශේෂත්වයකි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලෝකයෙ ඉහළට ගිය අපේ විද්‍යාඥයෝ