IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික විරරත්න)

ආසියානු ක්‍රීඩා උළෙලේදී  රන් පදක්කමක් දින ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කළ මහනුවර වලල මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා  කරුණාරත්න  සිසුවියට පාර්ලිමේන්තුවේ උණුසුම් සුබපැතුම් අද (5) පිරිනැමිණ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීම විශේෂ සිද්ධියක්විය.

ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් මුලින්ම සුබ පැතුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසූවේ පාසල් ශිෂ්‍යාවක ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය ගැන අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා සතුටට පත් වන බවයි. මෙම විදුහල ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ගෙන දුන් එකක්  බවද  ඔහු සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ එම දියණියට ශිෂ්‍යත්වයක්  දීමට කටයුතු කරන ලෙසට ඉල්ලන බවයි.

ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා එම තරුණියට සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවය හිමිවන බව පැවසීය.



අදහස් (5)

ලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක්

කිරිපුතා Thursday, 05 October 2023 04:08 PM

රට රනින් සැරසූ දියණිව රනින් සැරසීම රටේම වගකීමකි. සුසන්තිකා ජයසිංහ මහත්මියද ඇයට සුබ පැතීමට එක් විය යතුයි .

:       0       0

පියනන්ද Thursday, 05 October 2023 05:22 PM

මල්මිට නං රෝල් කරලා... එක්කො ඕන නෑ. ඒ දිරිය දියණියට ඇගේ පාසලට සහ පුහුණුකරුට අවශ්‍ය පහසුකම් සහ මුදල් ත්‍යාග සපයපල්ලා. මාධ්‍ය ප්‍රසිද්දිය වැඩිවැඩියෙන් දියල්ලා ඒ සිසුවියට හැදෙන පරපුරටත් ආදර්ශ ගන්න. වැදගත්ම දේ, ඔය ව‌ගේ දරුවන්ගෙන් වත් ඉගෙන ගනිල්ලා ලෝකයා හමුවේ රටක් උස්සලා තියෙන හැටි. ලෝකයා ඉස්සරහා විහිලුවක් නොවී.

:       0       0

fairoos Thursday, 05 October 2023 05:54 PM

කතාව විතරක් මදි

:       0       0

සඳුන් Thursday, 05 October 2023 09:03 PM

අපේ රටේ නම ඔලිම්පික් උලෙළේ බබලවා සියලු ජනතාවගේ ඇස් වලට සතුටු කඳුලු ගෙන එන්න හැකියාවක් තියෙන ක්‍රීඩිකාවක් දැන් අපිට ඉන්නවා. ලෝක වාර්තාවක් පිහිටුවීමට ධෛර්යය ලැබේවා !

:       0       0

Nihal Thursday, 05 October 2023 10:25 PM

රටට විශාල ගෞරවයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site