

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් සම්මාන දිනාගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන 'ලංකාදීප' පුවත්පත සමත් විය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ ඉකුත් සිකුරාදා(06) දා පැවැති 'ස්ලිම් නීල්සන් පීප්ල්ස් එවෝඩ්ස්-2019' සම්මාන උළෙළේදී මෙම සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.
දිනපතා 'ලංකාදීප' සහ 'ඉරිදා ලංකාදීප' යන පුවත්පත් ලංකාවේ ජනප්‍රිය ම පුවත්පත් බවට ජනතාවගේ කැමැත්තෙන් මෙවර තෝරා ගෙන තිබේ.
ලංකාදීප පුවත්පතට හිමි සම්මානය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති ටිලංකා අබේවර්ධන මහත්මිය අතින් ඉරිදා ලංකාදීප කර්තෘ සහ විධායක අධ්‍යක්ෂ ආරියනන්ද දොඹගහවත්ත මහතා ලබාගත් අයුරු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලංගසිංහ මැතිතුමා ඇතුළු සියලු දෙනාට මේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් සුබපැතුම්.... !!!
ලංකාදීප පුවත්පතට මගේ උණුසුම් සුභ පැතුම් !
ඔව් සන්තෝසයි ... අපි පත්තර කියවන්න පටන් ගත්ත දවසේ ඉඳලා .. කියවන්නේ .. " ලංකාදීප " පත්තරයයි. මාධ්‍ය ස්වාධීනත්වය රැකගනිමු ..!