IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්

(අංජුල මහික වීරරත්න)

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී මියොන් ලී (Miyon Lee) මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.

දකුණු කොරියානු තානාපතිනිය අද (09)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. 

මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින්  ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු  රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය.  

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරිණි. 

මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස  ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.



අදහස් (1)

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්

අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 04:44 PM

මේවා දැක්කාම සමහරුන්ගේ ඉත්තෑවෝ නලියන්න පටන් ගන්නවා...

:       3       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site