IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලාංකිකයන් 8ක් නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට

(විමුක්ති එස් රුද්‍රිගු)

‘හිරෝයික් ඉදුන්‘ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ  ශ්‍රී ලාංකිකයන් 8 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

‘හිරෝයික් ඉදුන්‘ බොරතෙල් ප්‍රවාහන නෞකාව නයිජීරියාවට පැමිණි පසු විමර්ශනයක් පවත්වා වැරදිකරුවන් වුවහොත් එහි සේවය කරන ශ්‍රී ලාංකිකයන් 8 දෙනා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට බොරතෙල් සොරකම් කිරීම සම්බන්ධයෙන්  චෝදනා ගොනු ගොනු කරන  බව නයිජීරියානු නාවික හමුදාව පැවසුවේය.

‘හිරෝයික් ඉදුන්‘ නෞකාවේ කාර්ය මණ්ඩලය 26 ක් වන අතර එයට ශ්‍රී ලාංකිකයන් 8 ක් සහ ඉන්දියානු ජාතිකයන් 16 ක් අයත් ය. ශ්‍රී ලාංකික, ඉන්දියානු ජාතිකයන්ට අමතරව එක් පෝලන්ත ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකුද  කාර්ය මණ්ඩලයට අයත් වේ.

නයිජීරියාවේදී බොරතෙල් සොරකම් කිරීමේ චෝදනාව මත ඉකුත් අගෝස්තු මස ඉක්වටෝරියල් ගිනි රාජ්‍යයේදී අත් අඩංගුවට ගත් ‘හිරෝයික් ඉදුන්‘ බොරතෙල් ප්‍රවාහන නෞකාව තම භාරයට ගැනීම සඳහා  ඉක්වටෝරියල් ගිනි නාවික හමුදාව සමග සාකච්ඡා කළ බවත් ‘හිරෝයික් ඉදුන්‘ නෞකාව  නයිජීරියා බලා යාත්‍රා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් නයිජීරියානු නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

පසුගිය අගෝස්තු 12 වැනිදා ඇක්පෝ බොරතෙල් පැටවීමේ අංගනයෙන් පිටත් වීමට අවසර නොමැතිව මුහුදු කොල්ලකරුවන් ලුහුබඳිනවා යැයි පවසමින් නයිජීරියානු නාවික හමුදාවෙන් පළා යමින් සිටියදී  ඉක්වටෝරියල් ගිනි නාවික හමුදාව මෙම නෞකාව අත්අඩංගුවට ගත් බව නයිජීරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

නයිජීරියානු ජාතික ඛනිජ තෙල් සමාගම කළ විමසීමකදී මෙම නෞකාවට ඇක්පෝ බොරතෙල් පැටවීමේ අංගනයට පැමිණ බොරතෙල් පැටව ගැනීමට  අවසර ලබා දී නොතිබූ බවත් අවසරයක් නොමැතිව මෙම නෞකාව බොරතෙල් පටවා ගැනීමට උත්සහ දරා ඇති බවත් දැනුම් දුන් බව නයිජිරියානු ආරක්ෂක අංශ සඳහන් කළේය.‘හිරෝයික් ඉදුන්‘ නෞකාවේ කපිතාන් වරයා නයිජීරියානු ආරක්ෂක අංශවලට සහාය දැක්වීමද ප්‍රතික්ෂේප කළ බවද පැවැසේ.

නෞකාව අත් අඩංගුවට පත් වී තිබීම හේතුවෙන් මාස හතරක කාලයක සිට එහි සිරවී සිටින තමන් බේරාගන්නා ලෙස ශ්‍රී ලාංකිකයන් 8 දෙනා මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවැසේ.



අදහස් (0)

ලාංකිකයන් 8ක් නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site