
(සුජිත් හේවාජුලිගේ)
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අතිරේක ලේකම්වරයාගෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගෙන් සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත.
ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනාගෙන් සාක්ෂි සටහන් කර ගැනුණේ ඊයේ දිනයේදීය.
සාක්ෂි විමසීම පසුගිය 06 වැනිදා ආරම්භ කෙරිණ.
කොමිසම දැනට 60කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහත්වරු කටයුතු කරති.
බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 223කට වැඩි පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd