
(ඒ. ඒ. පේමසිරි)
හම්බන්තොට පල්ලෙමලල පිහිටි වි අලෙවි මණ්ඩලයට අයත් වි ගබඩාවට අද අලුයම කඩා වැදුණු වන අලියකු වි ගබඩාව කැඩිමට උත්සහ දරා ඇති බවත්, පසුව වි ගබඩාවෙහි රැකවල්කරු ප්‍රදේශවාසීන් සමග එක්ව එම අලියා පලවා ඇතැයි හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකරු ඩි. ඉන්දික උපේන්ද්‍ර මහතා පැවැසිය.
මෙලෙස පලවාහරින ලද එම වන අලියා ගබඩාවේ ගේට්ටුව ද කඩාදමා දැඩි අලාභයක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමු කළ බවද ප්‍රාදේශීය කළමනාකරු පැවසුහ.
වි ගබඩාව පටුපස බුන්දල ජාතික වනෝද්‍යානයට අයත් රාජයේ විදුලි වැට කඩාගෙන මෙම වන අලියා වි ගබඩාවට පැමිණ ඇති බවත් කඩන ලද එම විදුලි වැට වනජිවි දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සකස්කර නොමැති විම හේතුවෙන් වි ගබඩාව දැඩි අවධානම් තත්ත්වයක පවතින බව ඔහු පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කලින් වනවදුලේ වසන්තයේ වලව්වේ වහලේ වවුලෙක් වහලා හිටියා.
රාජ්‍ය ආයතනවල වැඩ ඔහොම තමයි. කාටවත් කිසිම වුවමනාවක් නැහැ. වැඩ ටික හරියට කරන්න. වැඩ කළත් නොකළත් ඉතින් වෙලාවට පඩිය අතට එනවනේ.