(අංජුල මහික වීරරත්න)

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා රජය 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ  වැඩසටහන් වෙනුවෙන් සාර්ක් පාලක මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.

කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පාලක මණ්ඩල රැස්වීම පැවැති අතර සාර්ක් සංස්කෘති මධ්‍යස්ථානයේ මෙරට අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි. 

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති මෙම රැස්වීමට බංග්ලාදේශය, මාලදිවයින, පකිස්ථානය, භූතානය, ඉන්දියාව සහ නේපාලය නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ  එක්ව සිටියහ.

2023 වර්ෂයේ සාර්ථක ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් එය අනුමත කර තිබේ. 

ඊට අමතරව 2024 වර්ෂය වෙනුවෙන් යෝජිත වැඩසටහන් ඉදිරිපත් කළ අතර චිත්‍රපට උළෙලක්, රෙදිපිළි හා විලාසිතා දැක්මක්, කලාකරුවන්ගේ වැඩසටහන්, පර්යේෂණ හා සම්මන්ත්‍රණ මාලාවක් ඊට ඇතුලත්ව තිබේ.