IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ

ලංකා හොස්පිටල්ස්  සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිවේදනය කළේය.

ලංකා හොස්පිට්ල්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා, මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙත ළඟාවීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කළ වෛද්‍ය කණ්ඩායමට සහ කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය. “අපගේ නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය සාර්ථක ලෙස ආරම්භ කිරීම සහ අපගේ සාර්ථක 250 වැනි ශල්‍යකර්මය සිදුකිරීම ලංකා හොස්පිට්ල්ස් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි. ජාත්‍යන්තර තත්වයේ සෞඛ්‍ය සේවා සැපයීමට සහ අපගේ රෝගීන්ගේ සෞඛ්‍යය තත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු.

ලංකා හොස්පිට්ල්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා තරබාරුකම සහ ඒ ආශ්‍රිත ආහාර ජීර්ණ සම්බන්ධ ආබාධවලට විසඳුම් සෙවීමේදී ස්ථුලතා පාලන සැත්කම්වල වැදගත්කම අවධාරණය කළේය.

ලංකා හොස්පිටල්ස් ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය තේජන විජේරත්න, එක් එක් රෝගියාට අනන්‍ය වූ සත්කාර ලබාදීමට මධ්‍යස්ථානයේ කැපවීම අවධාරණය කළේය.

නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය සාර්ථකව විවෘත කිරීම සමගාමිව සහ සාර්ථක 250 වැනි ශල්‍යකර්ම කඩඉම අභිබවා යාම රෝගි සත්කාරයේ විශිෂ්ටත්වය සඳහා ලංකා හොස්පිට්ල්ස් හි කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතරම සහ ශ්‍රී ලාංකික සහ අන්තර්ජාතික රෝගීන්ට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවා සැපයීම සඳහා එහි කැපවීම මනාව පෙන්නුම් කරයි. නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය අතිනවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙම විශේෂ රෝගීන්ට  රෝහලේ අනෙකුත් අංශවලින් සහ පිරික්සුම් කැමරාවලින් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති විශේෂිත පොරොත්තු ස්ථානයක් ද ඇතුළත් ය. මෙම රැඳී සිටීමේ ප්‍රදේශය රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන එක් එක් රෝගියාට අනන්‍ය රැකවරණයක් සපයමින් සුවපහසු ලෙස  නිර්මාණය කර ඇත.

සමාරම්භක උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ලංකා හොස්පිට්ල්ස් ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානයේ ස්ථුලතා පාලන සැත්කම් පිළිබඳව  සිය පෞද්ගලික අත්දැකීම් බෙදා ගත්තේය.

-595



අදහස් (0)

ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

දියත

යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 25 0

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 මැයි මස 17 174 1

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙ


‘නොවිය යතු දෙයක් මා අතින් වුණා‘
2024 මැයි මස 17 891 11

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ’’ තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ’’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණව


අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි
2024 මැයි මස 17 198 0

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය ට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස


එල්.පී.එල්. වෙන්දේසියට කෝටි 75 ක් රැගෙන එති
2024 මැයි මස 17 432 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු


හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි
2024 මැයි මස 17 448 3

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 747 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2285 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1964 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site