IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ලක් සිසුන්ගේ හැදියාව ගැන නවසීලන්තය සතුටින්

(විමුක්ති එස් රුද්‍රිගු, ගයාන් තිවංක සහ කවිඳු දිල්ෂාන්)

නවසීලන්තයේ අධ්‍යාපනය සඳහා පැමිණෙන විදේශ සිසුන් අයත් ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වන බවත් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන ශිෂ්‍යයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව නවසීලන්ත දේශපාලන අධිකාරිය මෙන්ම නවසීලන්ත විශ්ව විද්‍යාලද සතුටෙන් පසුවන බවත් මෙරට නවසීලන්ත මහා කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා පසුගියදා පැවති වටමේස සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

වැඩි වශයෙන් පැමිණෙන්නේ පශ්චාත් උපාධි සඳහා වුවත් ඉදිරියේදී උපාධි අපේක්ෂාවෙන් සිටින සිසුසිසුවියන් දක්වා එම ප්‍රවණතාව වර්ධනය කර ගැනීමට අදහස් කරන බව ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සිසුන් නවසීලන්තයේදී අගය කොට සළකන බවත් නවසීලන්ත මහා කොමසාරිස් කාර්යාලයේද සහයෝගය ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන බවත් මහා කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

නවසීලන්තයේ අධ්‍යාපනය හදාරන්නන් සඳහා මේ වනවිට මාර්ගගත කණ්ඩායමක් පිහිටුවා තිබෙන බවත් එහිදී සියල්ල මුණ ගැසෙන බවත් කොමසාරිස්වරයා පැවැසුවේය.

දෙරට අතර භාණ්ඩ මෙන්ම සේවාද ප්‍රවර්ධනය කිරීමට මහා කොමසාරිස් කාර්යාලය බලාපොරොත්තු වන බවත් ඒ යටතේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අංශ කීපයක් තිබෙන බවත් ඩේවිඩ් පයින් මහතා ප්‍රකාශ කළේය.

ඉන් ප්‍රධාන තැනක් දෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා හිමිවන බව ඔහු පැවැසුවේය.

 



අදහස් (6)

ලක් සිසුන්ගේ හැදියාව ගැන නවසීලන්තය සතුටින්

Neel Sunday, 09 March 2025 03:11 PM

අහන්නත් සතුටුයි.

:       2       46

ලයනල් Sunday, 09 March 2025 04:12 PM

හැදියාව බලන්න තිබුණා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල ජවිපෙ සහ පෙරේට්ටන්ගේ අනුග්‍රහයෙන් රඟ දක්වන අමානුෂික නවක වදය දුටුවා නම්. ඒ විෂබීජ දෙක විසින් තරුණයින්ගේ අධි වේගය ඔවුන්ගේ දුෂ්ට අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති අන්දම අවබෝධ කරගත්තා නම්. එසේම, පාසල් මහා ක්‍රිකට් තරග සමයට කොළඹ සහ අනෙක් නාගරික පළාත්වල සැරිසැරුවා නම් පාසල් දරුවන්ගේ විනයගරුක බවත් දැක ගන්න පුළුවන්. වෙලාවක් තිබේ නම් ටියුෂන් පන්ති පැත්තෙත් ගිහින් බලන්න...

:       20       32

බකල ජයා Sunday, 09 March 2025 05:21 PM

ගුණාත්මක භාවය කියන්නෙ හැදියාවද (ගුණගරුක බව) එහෙම නැත්නම් ශිෂ්‍යයන් විදිහට දක්වන දක්ෂතාවයද කියලා දන්න කෙනෙක් කියනවාද?

:       0       21

සමාMonday, 10 March 2025 09:04 AM

දන්නවා. කියන්නෑ. කියන්නෙම නෑ!

:       0       5

චතුරි Sunday, 09 March 2025 07:16 PM

මොනවා වුණත් පරිස්සමින්. කැනඩාවේ. ජපානයේ. පවුල් පිටින් මැරුවේත් ඔය වගේ... අය ඉස්සර නම් හිටියා ලන්කාවේ මිනිස්සු. රත්තරන්... දැන් ඉන්න කට්ටිය අන්තර්ජාලයත් සමග නිතරම ඉන්න නිසා. වහා ඇවිලෙන සුළුයි. විශ්වාස කරන්නත් අමාරුයි.

:       0       15

කමනි Monday, 10 March 2025 05:36 AM

අනේ මේ....කට්ටිය හොඳට ඇඳගෙන හැමදාම වගේ. ඔය සුද්දෝ ඔහොම තමයි. මුරුංගා අත්ත උඩ තියලා බොරු ප්‍රශංසා කරන්න හරි දක්ෂයි. ඒ උනාට මේ සිසුන්ටවත්, ලංකාවෙ මිනිස්සුන්ටවත් ලැබෙන දෙයක් නෑ........

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site