IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’ලෙකෝ’ සමාගම කොලේ වසා සමාජ ආරක්ෂණ බද්ද අය කරලා

(යොහාන් භාසුර)

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

මහජන ආරක්ෂණ බද්ද මසකට අය කළ හැක්කේ සියයට 2.5 ක් පමණක් වුවද ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලෙන් මහජන ආරක්ෂක බද්ද ලෙස සියයට 5 ක් අය කරගෙන ඇති බවත් එම අය කිරීම නීති විරෝධී බවත් පාරිභෝගිකයෝ කියති.

ලෙකෝ සමාගම එහි පාරිභෝගිකයන්ට කිසිදු පෙර දැනුම් දීමක් නොමැතිව මෙම බද්ද අය කරගෙන ඇති බවද පාරිභෝගිකයෝ වැඩිදුරටත් චෝදනා කරති.

බදු ගෙවන්නාගේ අතපසුවීමකින් තොරව බද්ද අය කර ගැනීමට නොහැකි වූයේ නම් මහජන ආරක්ෂණ බද්ද පසුව අයකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව බදු පිළිබඳ විශේෂඥයෝ පවසති.

එවැනි බදු අය කර ගැනීමේ ප්‍රමාදයක් සිදුවූයේ නම් එම බදු ප්‍රමාණය අදාළ ආයතනය විසින් රජයට ගෙවිය යුතු බවද බදු විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

එම සමාගම ඊයේ (5) පෙරවරුවේ පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත යොමු කිරීමෙන් පසුව රාත්‍රී 10.00 ද පසු වී පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සමාජ ආරක්ෂණ බද්ද ඉදිරිබිල් වලින් අය කරගන්නා බව පාරිභෝගිකයන් වෙත දුරකථන කෙටි පඩිවිඩයක් ඔස්සේ මෙසේ දැනුම් දී තිබුණි.

එම කෙටි පණිවිඩය පහත දැක්වේ.

"හිතවත් පාරිභෝගිකයනි, 2023 සැප්තැම්බර් මස හඳුන්වා දුන් මහජන ආරක්ෂණ දායකත්වය බද්ද, මසකට පසුව ඔබේ බිල්පත්වලින් අය කිරීම ආරම්භ විය. ඒ අනුව, ලෙකෝ 2023 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා මහජන ආරක්ෂණ බද්ද ඔබේ නවතම බිල්පතට ඇතුළත් කරනු ඇත. පැහැදිලි කිරීම් සඳහා කරුණාකර 1910 අමතන්න"

මෙම සමාජ ආරක්ෂණ බද්ද අය කිරීම පිළිබඳව ලෙකෝ සමාගමේ සභාපති අතුල ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල බදු අය කිරීම පිළිබඳ නීතිමය තත්වය ගැන අධ්‍යයනයක් කිරීමෙන් පසුව ප්‍රකාශයක් කළ හැකි බවත් විදුලි බිල සම්බන්ධයෙන් සියලුම තීරණ මහජන උපයෝගීතා කොමිසම හරහා ගන්නා බවත්ය.

මහජන ආරක්ෂණ බද්ද ලෙකෝ සමාගමට දැරිය නොහැකි බවත් එය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාගෙන් අය කරගත යුතු බවත් අතුල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

’ලෙකෝ’ සමාගම කොලේ වසා සමාජ ආරක්ෂණ බද්ද අය කරලා

keshke niladha Saturday, 06 January 2024 10:13 AM

බුදු අම්මෝ ඔය ලෙකෝ එක අනිතිම දුෂිත ආයතනයක්.අල්ලස් අරගෙන මගේ මායිම් තාප්පයට මට නොදන්වා විදු ලි කණුවක් ඔබ්බල 2018 වර්ෂයේ ඉදන් මම එක අයින් කරන්න 2024 ත් දුක් විදිනවා,කිසිම නීතියක් නැහැ.,අයියෝ ඔය බලු ලෙකෝ එක ගැන කතා කරලා වැඩක් නැහැ .කිසිම නීතියක් නැති බලු ආයතනයක්.පග මරුවෝ රජකරන ආයතනයක් .මේවා රටින් අතුගාල දමන්න ඕනේ ආයතන.මිනිස්සුන්ගේ බදු මුදලින් මේ සුදු අලි නඩත්තු කරන එක හරිද?මේවා වහල දාන්න නිසි බල ධා රින් ට නුවණ පහල වේවා!

:       0       0

පිනා Saturday, 06 January 2024 08:05 PM

පිනා මොකද සමාගම් වලට දරාගන්න බැරි බොරු බදු ගහන්නේ? ඒක අන්තිමට ගෙවන්න වෙන්නේ මේ රටේ අහිංසක පාරිභෝගිකයින්ටමයි කියලා තේරෙන්නේ නැත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site