
(අංජුල මහික වීරරත්න)
ලෝක යොවුන් ස්ක්‍රැබල් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට කුසලාන පහක් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී හමු වූහ.
එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 17 ක සහභාගීත්වයෙන් තායිලන්තයේ ට්‍රන්ග් (Trang) නුවරදී මෙම තරඟය පැවැත්විණි.
ලෝක කනිෂ්ඨ ස්ක්‍රැබල් ශූරයා ලෙස මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත්,දෙවැනි ස්ථානය ගේට්වේ විද්‍යාලයේ අධීෂ දිසානායක, තෙවන ස්ථානය රාජකීය විද්‍යාලයේ කවිඳු මලවරආරච්චි දිනා ගත්හ.
වයස අවුරුදු 18 ට අඩු ක්‍රීඩකයින් සඳහා වසරකට වරක් පැවැත්වෙන ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලිය WESPA Youth Cup ලෙසද හැඳින්වේ.
2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති තරගාවලියේ හොඳම කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලබා ගත්තේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සංගමයේ සභාපති ධම්මික විතාරණ මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට දිනලා ඇවිල්ලා හම්බ වුනේ. `9න් පහළ ක්‍රිකට් කණ්ඩායම කලින් හම්බ වුනා
මට මුගේ හිරිකිත විරිත්තන කොකේන් මුහුණ දකිනකොට මල්ෂාගේ "චුල්ල වට්ටි" ජාතකය මතක් වෙනවා.
ළමයිනේ ඔය දේශපාලකයෝ හමුවෙලා උන්ගේ ආශිර්වාද අරන් වැඩක් නැහැ .සමහර විට ඔය ගොයිය හෙට ඔතන නැහැ .නරකද තමන් පුරුදු පුහුණු කල ගුරුවරු ගුරුවරියන් හමුවෙන එක. දේශපාලකයින් හමුවීම තමන්ටම කරගන්න අගෞරවයක්..