
(කාංචන කුමාර ආරියදාස)
නිෂ්පාදන වියදම ඉහළ යෑම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා මෙවර දේශීය ලොකු ලූණු වගාකරුවෝ සියයට 95 කින් වගාවෙන් ඉවත් වී ඇතැයි දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදකයන්ගේ සංගමය කියයි .
දේශීය ලොකු ලූනු රටේ අවශ්‍යතාවයෙන් සියයට 90ක වඩා නිෂ්පාදනයක් කරමින් හෙක්ටයාර 3200 ක පමණ වගා කළ ද මේ වන විට දේශීය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම මේ වසරේ නැවතී තිබෙන බව ද ඊට ප්‍රධානතම හේතුව විදේශීය රටවලින් ලොකු ලූණු ගෙන්වා රුපියල් 90ක වැනි මිලකට අලෙවි කිරීම බව දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අයි .ජි .සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ නවීකරණ වැඩපිළිවෙළ යටතේ දේශීය ලොකුලූනු ගොවියා ශක්තිමත් කිරීම සඳහා අති විශාල මුදලක් වියදම් කරමින් ගොවීන්ට සහන සලසා තිබුණ ද ඉන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ගැනීමට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකි වී නැති බව ගොවි සංවිධාන චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලූනු ඇමතිගේ ප්‍රදේශයේ වගා කරන්න බැරිනිසා ඔහුගේ උනන්දුවක් නැහැ කියන්න පුළුවන් කොහොම වුනත් කවුද දෙයියන්ගේ මල්ලිට අකමැති නේද
හැම දෙයකටම මකරා ලං කර ගත්තොත් ඉතින් මකරා ඇවිල්ලා අපිව ගිල ගන්නකම් දන්නේ නැති වෙයි