(යොහාන් භාසුර )
ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර කිලෝවක් රුපියල් 260ත් 280 ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් 380ක් බවට පත්ව තිබූ බවත් එවැනි ආකාරයකට මිල වැඩි වූයේ කෙසේදැයි පාරිභෝගිකයෝ පවසති.
ලංකා සතොස ද ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ දිනයේ අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් පාරිභෝගිකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩ සදහා 18% යි ඉන්ධන සදහා 18% යි එකතුව 36% යි එතකොට රුපියල් සියයකුත් සත අසූවයි සත අසූවක කොමිස් එකක් දුන්නම වැඩිවෙනවා රූපියල් සීයක්, එහෙනම් දැන්මම වැඩේ ආරම්භ වෙලා තියෙනවා පොහොට්ටුවට ජයවේවා වියත්මගට ජයවේවා අයවැය රනිල්ගෙ උනත් ආණ්ඩුව පොහොට්ටුවෙ කියලා අමතක කරන්න එපා
ජනවාරියේ ඕකට තවත් 18% ක් එකතුකලාම හරි අගෙයි එතකොට සියඹලා ගොයිය කිව්වෙ වැඩිවෙන්නෙ 2% යි කියලා නේද .දැන් මොකක්ද උන්දැලා කියන්නෙ බලන්න
රාජපක්ෂ නඩය මෙදාපාර කන්නේ කුණු වෙච්චි බිත්තරවලින්...