
(වී.ඒ. නිශ්ශංක)
මාස තුනකට කලින් ගෙන්වන ලද මිනිස් පාරිභොජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් තුනකට සීදූව, ලියනගේමුල්ල සෙන්තෝමස් පාරේ පිහිටි භාණ්ඩ රදවා තැබීමේ ගුඳමේදී සීල් තැබීය.
කටුනායක සීදූව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.පී.මනිල් සෝමතිලක මහතාට ලැබුණ තොරතුරකට අනුව ඒ මහතා ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම අද( 13) පස්වරුවේ එලෙස ලොකු ලූනු කිලෝ 20,000ක් පමණ අඩංගු කන්ටේනර් තුනකට සීල් තැබීය.
ලැබුණ තෙරතුරු අනුව කණ්ඩායම විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමේදී කන්ටේනර් තුනක බහාලූ නරක්වී, පැලවී ඇති, ගඳගහන ලොකු ලූනූ සේවකයින් යොදවා පිරිසිදු කරමින් පැල වූ ලූනු කපා ඉවත්කර නැවත අලෙවිය සඳහා තේරීමක් සිදුකරමින් පැවැති බවද ඒම නිලධාරීහු කියති.
ලූනු කන්ටේනර් තුන බාරව සිටි නිලධාරියෙක් ද අත්අඩංගුවට ගෙත ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd