
(අංජුල මහික වීරරත්න)
2024 යල කන්නයේ ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි .
මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල හෙක්ටයාර 1500 ක භූමි ප්‍රමාණයක ලොකු ලූනු වගාව සිදු කර ඇතැයි ද මේ දිනවල ගොවීන්ගෙන් ලොකු ලූනු අස්වැන්න මිලට ගන්නා බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
ලොකු ලූනු වගාව ආරම්භයේ වර්ෂාවෙන් හානි පැමිණියද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි කැපවීම මත වගාව සාර්ථක කර ගැනීමට හැකි වූ බව ලොකු ලූනු බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ආර්. කාංචන මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ලූනු ප්‍රවර්ධන වැඩසටහන යටතේ වගාවට සුදුසු නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර 2025 වසරේ යල කන්නයේදී හෙක්ටයාර 2000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඩී.ආර්.කාංචන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන්, අගෝස්තු අග අස්වැන්න නෙලා සැප්තැම්බර් අග වනවිට ලංකා ලොකු ළූණු විකුණලාත් ඉවර වෙනවා. මෙවර පමා වීමක් සිදු වී ඇත.
ලංකා ලොකු ලූනු බොහෝවිට ගැලවීම කරන්නේ කොළ අමුවෙන්ම තියෙද්දී කියලා පේනවා ඒ නිසා ලූණු චුට්ටක් වත් වේළුණු ගතියක් නැහැ. මිළට ගත්තාම දින දෙකකට තුනකට වඩා තබාගන්න අමාරුයි. එළවළු වගේ උයලා කන්න නම් හොඳයි... ඒ ගැන කෘෂිකර්ම නිලධාරින් අවධානයට ගන්නවා නම් හොඳයි... සමහරුන්ගේ අදහසක් තියෙනවා ලූනු අලයි කොළයි දෙකම විකිණීමට ලූනු ගලවනවා වෙන්න ඇති කියලා...
පුදුම කැපවීම මුන්ගෙ.