IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොකු ලූනු අස්වැන්න නෙලීම ඇරැඹේ

(අංජුල මහික වීරරත්න)

2024 යල කන්නයේ ලොකු ලූනු  වගාවේ  අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි .

මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල හෙක්ටයාර 1500 ක භූමි ප්‍රමාණයක ලොකු ලූනු  වගාව සිදු කර ඇතැයි ද මේ දිනවල ගොවීන්ගෙන් ලොකු ලූනු අස්වැන්න   මිලට ගන්නා  බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

ලොකු ලූනු වගාව ආරම්භයේ වර්ෂාවෙන් හානි පැමිණියද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි කැපවීම මත වගාව සාර්ථක කර ගැනීමට හැකි වූ බව  ලොකු ලූනු  බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ආර්. කාංචන මහතා පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ලූනු  ප්‍රවර්ධන වැඩසටහන යටතේ වගාවට සුදුසු නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර 2025 වසරේ යල කන්නයේදී හෙක්ටයාර 2000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඩී.ආර්.කාංචන  මහතා කීය.



අදහස් (3)

ලොකු ලූනු අස්වැන්න නෙලීම ඇරැඹේ

sunil Thursday, 26 September 2024 02:26 PM

සාමාන්‍යයෙන්, අගෝස්තු අග අස්වැන්න නෙලා සැප්තැම්බර් අග වනවිට ලංකා ලොකු ළූණු විකුණලාත් ඉවර වෙනවා. මෙවර පමා වීමක් සිදු වී ඇත.

:       2       2

Paribhogikaya Friday, 27 September 2024 06:47 AM

ලංකා ලොකු ලූනු බොහෝවිට ගැලවීම කරන්නේ කොළ අමුවෙන්ම තියෙද්දී කියලා පේනවා ඒ නිසා ලූණු චුට්ටක් වත් වේළුණු ගතියක් නැහැ. මිළට ගත්තාම දින දෙකකට තුනකට වඩා තබාගන්න අමාරුයි. එළවළු වගේ උයලා කන්න නම් හොඳයි... ඒ ගැන කෘෂිකර්ම නිලධාරින් අවධානයට ගන්නවා නම් හොඳයි... සමහරුන්ගේ අදහසක් තියෙනවා ලූනු අලයි කොළයි දෙකම විකිණීමට ලූනු ගලවනවා වෙන්න ඇති කියලා...

:       0       0

Thisira Friday, 27 September 2024 10:11 AM

පුදුම කැපවීම මුන්ගෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site