IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොකු ලොකු අය ආ ගිය ගණිකා මඩමක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

සෙසු සැකකරුවන් අතර මෙරට සුරූපී තරුණියක් , කළමනාකරු එමෙන්ම මෙම ගණිකා  ජාවාරම මෙහෙයවන යුද හමුදා හිටපු නිලධාරියකු ද වන බව පොලිසිය කියයි.

මෙරට සුරූපී තරුණිය වයස අවුරුදු හතක් වන ඇයගේ දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබු බවත් පොලිසිය කියයි.

කොළඹ 3 කොල්ලුපිටිය දෙමහල් ගොඩනැගිල්ලක ගණිකා මධ්‍යස්ථානයක් ජයටම පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් නිලධාරියා සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරිවලදී අනාවරණය කරගත් තොරතුරු අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් සැරයන් වරයා උපාය දූතයකු ලෙස වෙස් වලාගෙන පොලිස් කොස්තාපල් 84889 උදය කුමාර සංඥාකරු වශයෙන් යොදවා රුපියල් 10,000ක මුදලක් දී කාන්තාවක් මිලදී ගෙන කාමරයකට පිවිසීමත් සමගම මෙම වැටලීම සිදුකර ඇත.

එම ස්ථානයේ රැඳී සිට ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත් ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක් , පිලියන්දල ඉඳිකරමින් පවතින තෙමහල් නිවසක් ද පිහිටා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම රැකියාවෙන් ම මෙම වත්කම් උපයා ගත් බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

එම වැටලීමක් සමගම අත්අඩංගුවට ගත් ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරු වන යුද හමුදා නිලධාරියා අසනීප තත්ත්වයෙන් පෙළෙන බව පැවසූ බැවින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සුරූපී තායි තරුණියන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තකයකුගේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

 



අදහස් (4)

ලොකු ලොකු අය ආ ගිය ගණිකා මඩමක් වටලයි

සල්ලි Wednesday, 14 June 2023 07:25 AM

ඕකෙ කෙලවර අතිගරු කෙනෙක් ඇති අනිවා 5000ක් ඔට්ටුයි.

:       0       15

Samantha Wednesday, 14 June 2023 07:28 AM

ඔව්, නීතිගත කරන්න දැන් කාලෙ හරි... හැමදාම හංගගෙන තිබ්බත් ඇති.. ලෝකයේ තියෙන පරණම රස්සාව. නීතිගත කරන්න.

:       0       17

prasanna Wednesday, 14 June 2023 10:22 AM

ඔව තායිලන්තයට නම් කිසිම ගානක් නැති සාමාන්‍ය දේවල් ..මෙ හෙ වුන් බොරුවට දැඟලුවට.

:       1       15

පියනන්ද Wednesday, 14 June 2023 12:01 PM

නිරූපන ශිල්පිනියො කියන අය කරන්නෙත් ඔය රස්සාවම තමා. රෝස පාට රේන්ජ් ‌රෝවර් BMW පදින, ගෝටගෙ වාහනෙත් අරන් පදින අය ගැන මම කියන්නෙ. ‌එලියට පෙන්නන රස්සාව නිරූපන ශිල්පය. අපි නොදන්නෙ නිරූපනේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site