
(ටී.කේ.ජී.කපිල )
ස්කොට්ලන්තයේ , ග්ලාස්ගෝ නුවර පැවති 26 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් රුමේෂ් තරංග එම තරගාවලියේ පැරා අංශයේ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් පාලිත බණ්ඩාර අද පස්වරුවේ දිවයිනට පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
රුමේෂ් තරංගගේ සහ පාලිත බණ්ඩාරගේ මාපියන් , ඔවුන්ගේ පවුල්වල සමීපතම ඥාතීන් , ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පිරිසක් සහ ඔවුන් සේවය කරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ව අපි නිතරම දකිනවා. ඒ ගොල්ලන්ගේ ජායාරූප නැතත් කමක් නැහැ. හරිනම් ක්‍රීඩකයින් දෙදෙනාගේ දෙමව්පියන් සහ විවාහක නම් බිරිඳ සහ දරුවන් සමඟ පෙනී සිටින ජායාරූපයකුත් දාන්න තිබුණා. දෙමව්පියන් තමයි ප්‍රධාන වෘක්ෂය.