(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.15ට පමණ උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයා අතට අත දී සුහදශීලීව පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ජාතික ගීත ගායනයෙන් පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය පළ කිරීම සඳහා ආචර වෙඩි මුර මෙහිදී පිරිනැමිණි.
අනතුරුව යුද හමුදාව විසින් පිරිනමන ලද සම්මාන මුරය රතු පලස මතින් ගොස් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුව දෙරට රාජ්‍ය නියෝජිතයන් හඳුනා ගැනීමේ අවස්ථාවට එක් විය.
මෙම අවස්ථාවට ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
(ඡායාරූප: ලහිරු ලහිරු හර්ෂණ)






COMMENTS
මේ ඇල්බට් කාරයෝ කෙලින පිස්සූ…, නේද යෝගා…!
ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමි...!
ඉස්සර හිටපු, නාකි අය වෙනුවට, අපේ ජවසම්පන්න ජනාධිපතිතුමයි, තරුණ ඇමැතිවරුයි දැක්කාම, මෝදී ජනාධිපති තුමාට, අපේ රට ගැන සුන්දර සිතිවිලි පහළ වෙන්න ඇති. අනික දකුණු ආසියාවේ අනෙක් රටවල් දෙස බැලුවාම ඉන්දියාවටත් ඉන්න හොඳම අසල්වැසි රට තමයි ලංකාව... අප දෙරටටම ජයවේවා...!!!
මට ඊරිසියාවේ බෑ. මමනේ ඔතැන ඉන්න ඕනෑ.
ඔය පිළිගැනීම් වලට අර එකකාලෙක මෝදිගෙ බැනිහම ගජේට ඇඳගෙන මෝදි වගේ වෙන්න ගිය එක්කෙනාට ආරාධනා කලේ නැතෙයි ?
මෝදි ලංකාව ගිලගනී වෙන්නෙ නැත්නම් හොඳයි
අපි මැරිලා ඉපදුනේ නැහැ එහමෙ හිතෙන ඈයොට හුරේ දාන්න ?
මේක දාන්න නැති බව දන්නවා හැබැයි එදා කොරපු දේ දන්නා අපට මුන් වහ කදුරු
දූපත් වාසී පාලකයන්ගේ හීනමානය කොච්චරද කිව්වොත්, මේ ඉන්දියාවේ නායකයාට ආයුබෝවන් කියලා අත් දෙක උස්සන්නවත් බෑ මොවුන්ට… ලැජ්ජයි… රිකව් සූට් ඇදලා.. අද හැම දියුණු රටක්ම තමන්ගේ භාෂාවෙන් කතාකරන තමන්ගේ කමට මුල්තැන දෙන ජාතීන්…!
මොවුන්ට ලැජ්ජාවක් නැහැ. මොවුන්ට කඩේ යන බද්‍රානිලාට, ලැජ්ජාවක් නැහැ... එක්කෝ මැරිලා ඉපදිලා...
මහබැංකු සිංහ වගේ තඹුත්තේගම කොටළුවන්ට හිතන්නේ මේවා මහ ලොකු වැඩ කියලා. සීමාවක් තියාගන්න...!
ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි සටන වෙනුවෙන් දිවි පිදූ 60,000 ක් තරුණයෝ පව්...