
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (7) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා විසින් ඊට අත්සන් තැබීය.
මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගත්තාට කමක් නැ.. ආර්ථිකයට දැනෙන්න වැඩක් කරන්න ඕනැ.නිකන් කාලා බිලා හරියන්නේ නැ
අල්ලස් ගන්න දූෂිත අනවශ්‍ය රජයේ සේවකයෝ ප්‍රතිවියුහගත කරගෙන එහෙම නැතිනම් වන්දියක් ගෙවලා හෝ ඔවුන් කරන වැරැදි වලට දඬුවම් වශයෙන් ඉවත් කරලා දමලා, රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගතහොත් අපට ඩොලර් මිලියන 200 එක මාසෙට ඉතුරු කරගන්න පුළුවන්..., කමක් නැහැ දැනට ඔහොම යමු., ඡන්දෙන් පස්සේ ශක්තිමත් ආණ්ඩුවක් හදාගෙන ඉතුරු ටික කරමු, දැන් රජයේ සේවකයින්ට වැඩිපුර ප්‍රෙෂර් එක දෙන්න ගියොත් ඔවුන් ඡන්දෙට කලින් වැඩේ අවුල් කරනවා. දිය හැලියේ නටන කකුළුවෝ වගේ අය තව මාසයක් දෙකක් ඔහේ ඉඳීවි..
ඕවත් ණය නේද ...?
මෙච්චර කලක් ණය ගත්තා කරපු දෙයක් නැහැ කිව්ව කයියනායක ජනාධිපතිට පුළුවන් මේ සල්ලි වියදම් කරපු ව්‍යාපෘති මොනවාද? ඒවා ලබාගත්තු කොන්ත්‍රාත්කරුවන් කවුද? ප්‍රතිසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය යනාදිය පොදු මහ ජනතාවට නිවැරදි සංක්‍යා ලේඛන ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම...!
හඳුන්නෙත්තිගේ පිටරට මාලිමාවෝ ඩොලර් මලු පිටින් පුදන්නේ නැතෙයි..! කියපු බොරු රෙද්දේ දෙපැත්තෙන් බේරෙන්නේ...!
කට උල්කරලා කියන්න පින්වතුනි, ණය ණය