
(රෝෂන් තුෂාර)
වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා "ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය.
අත්අඩංගුවට ගත් වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ එගොඩ ගෙදර චමිලා පියදර්ශනී රාජරත්න නමැති සැකකාරිය ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පෙරේදා දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු වසර දෙකක් තිස්සේ පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු බවය.සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද,විමර්ශන රැසක් සිදු කරන බැවින් එමදේපළ පිළිබඳ කරුණු මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දසනායක මහතා සඳහන් කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට අධික පිරිසක් මේ වන විට පැමිණිලි කර ඇති බවත්,පසුගිය ජූලි මාසයේදී කහට ගස් දිගිලියප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් සංවිධානය කර තිබූ බවත් සඳහන් කළ පොලිස් නිලධාරියා මොහුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියේය.
මිනිසුන් බෝඩ් ලෑල්ලක් අල්ලා සිටි පමණින් එය මහජන කැළඹීමක් නොවන බැවින් සැකකරුට ඇප ලබා දෙන්නැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.නඩු කටයුතු වලට ඕනෑම අවස්ථාවක සහය දීමට අධිකරණයට ඉදිරිපත් වන බවත් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවටන හැම කෙනාම තෝරා ගන්නේ වියළි කලාපේ හදවත්... මහින්ද මහත්තයත් එහෙම්මයි...
මේවා කිසිම තෙත් ගතියක් නැති වැඩ...!
මේ සියල්ලටම මුල දෙපාර්ශවයේම තණ්හාව...
මේ සේරටම මුල රටේ නීතියේ වැරැද්ද. සක්විති ට හරියට දඩුවම් ලැබුනද. එයාගෙ දරුවෝ දෙන්නටත් හොඳට උගන්වන්න ඕන කියලා. රජයේ වියදමින් සේරම කෙරුවා. දුප්පත් දෙමව්පියන්ගෙ දරුවෝ කොයි තරම් ඉන්නවාද. හැම අතින්ම දක්ශ දරුවෝ. මහා පරිමානයෙන් හොරකම් කරපු එකෙක්ගෙ වත් දේපල රාජ සන්තක කෙරුවේ නැහැ. කොහෙවත් යන කුඩ්ඩෝ පස්සෙ එලවනවා. .
සමහර පවුල් , රටේ ජනතාව රවටා ජනතා මුදල් කොල්ල කා විදේශවල ආයෝජන කර ඇත
ආණ්ඩුව කොච්චර දැනුවත් කරත් අහුවෙන්නෙ හොරුන්ටමයි
මුල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය පැවරී ඇති මහ බැංකුව නිදි, ඒ නිසා හොර සමාගම් බල්ටි ගහනවා. අවිහිංසක මිනිසුන් දහදිය මහන්සියෙන් හම්බකරන දේවල් මුන් එක පැයෙන් දෙකෙන් මංකොල්ල කනවා.
උපාධිධාරී බස්නායක කියන්නෙ මොකෙක්ද එහෙම තනතුරක් ඇතිකලේ කවද්ද කොහිදිද කාගේ අනුමැතිය මතද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එහෙම කරන්න අවසරය දීලා තිබේද දැන්ගන්න කැමතියි සාමාන්‍යයෙන් දේවාලයට ඉන්නෙ බස්නායක මිස ඔය කියන ආකාරයට නොවෙයි ඉතින් එහෙම උපාධියෙන් හිස උදුම්මාගැනීම නිසා මානසිකව දුර්වලතා ඇතිවූ මිනිස්සු ඔය තනතුරු සදහා තෝරා ගත්තම ඔහොම දේවල් නොවුනොත් තමයි පුදුමයක් වෙන්නෙ ඉතින් අපිට කියන්න වෙන්නෙ ලංකාවෙ මිනිසුන්ට පිස්සු නැත්නම් ෂෝක් කියලා තමයි