
(ටී.කේ.ජී.කපිල)
එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු " ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු - 2024" සම්මානය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා මෙන්ම ස.ණ.ස.සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරයා වන ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය දිනාගත්තාය.
මෙම සම්මානය ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ථ ආසියානු - ෆැසිපික් කළාපයටම දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි .
මෙම සම්මානය එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් මාස 08 ක කාළයක් තුළ සිදු කළ ඇගැයීම් වලින් අනතුරුව ලෝකයේ විවිධ රටවල තරගකාරි අයදුම්කරුවන් 750 දෙනකු අතරින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය ප්‍රථම ස්ථානයට තෝරා ගෙන තිබුණි.
මෙම සම්මානය එංගලන්තයේ ලන්ඩන් නුවර " ග්‍රෑන්ඩ් කෙනාඩ් " හෝටලයේ දී ඉකුත් 20 වැනි දින පැවැති උත්සවයේ දී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය වෙත පිරිනමා තිබේ.

2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් දියණිය ලොවක් දිනයි
Chandana Monday, 01 July 2024 05:28 PM
අපේ සුබ පැතුම්, ලක් දියණියනි, ආඩම්බරයි, ඔබ ගැන...!
Nimal Tuesday, 02 July 2024 08:19 AM
නියමයි