(අංජුල මහික වීරරත්න)
යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ඇති අතර නෛතික හා ආයතනික ගැටලු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නීතිමය පිරික්සීම සඳහා යොමු කර තිබෙන බව රජය පවසයි.
මෙම ගිවිසුම යටතේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංවේදී ලැයිස්තුවේ වර්ගීකරණය කරන ලද යෝජිත වර්ගීකරණ සංකේතාංක මත අදාළ වන සමුච්චිත තීරු බදු වලින් සියයට 50ක් ගිවිසුම බලාත්මක වූ දින සිට දින 16ක් වන වසර ආරම්භයේදී එකවර ඉවත් කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කිරීමටත් ඒ අනුව තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි කාලසීමාව වසර 18 සිට වසර 16 දක්වා අඩු කිරීමටත් 9 වන සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයට පත්ව ඇතැයි රජය කියයි.
එම එකඟතාව පරිදි ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
909
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය