(අංජුල මහික වීරරත්න)
තේ දළුවල ප්‍රමිතිය ඉහල නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි 1 වැනිදා සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩල කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
නෙලා ගන්නා ලද තේ දළුවලින් සියයට 60ක් ළපටි දළුවලින් සමන්විත ව තිබීම මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය වේ.
මෙරට නිෂ්පාදනය කෙරෙන තේ වල ගුණාත්මකභාවය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.
මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 90කින් ඉහල යන අතර ප්‍රතික්ෂේපිත ( Refused Tea) තේ අන්තර් ගතවීම සියයට 7 දක්වා අවම කර ගැනීමට හැකි වන බව ලංකා තේ මණ්ඩලය පවසයි.
සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන තේ වලින් ප්‍රතික්ෂේපිත තේ (Refused Tea) තිබිය හැකි ප්‍රමාණය සියයට 7ක් වුවද , B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමෙන් ප්‍රතික්ෂේපිත තේ ප්‍රමාණය සියයට 17 දක්වා ඉහළ යා හැකි බව තේ මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි දලු නෙලීම කරන අයට නිසි පුහුණුවක් ලබාදීම... සාමාන්‍යයෙන් අමුදලු කිලෝ ගණනේ නෙලනවිට සමහරක් අය වැඩි බරක් ගන්න මෝරපු කොළ කඩා ගේනවා (මේවා නිසා සාධාරණ ලෙසට කඩන අයටත් පාඩුවක් වෙනවා) ඊළඟට කසල තේ ලෙසට විශාල ප්‍රමාණයක් ඉවත්කරන්න වෙනවා. ඒවා බලපත්‍රලාභීන් අඩුවෙන් මිලට ගෙන කලවම් කරලා හොඳ තේ ලෙසට වෙළඳ පලට යවනවා... ලංකා තේ සංනාමය බාල වෙනවා වගේම ඒවා නිෂ්පාදනය කරන්න බලශක්තිය විශාල වශයෙන් වැයවෙනවා...
ලංකාව රසම තේ හැදුවාට අපේ රටේ අයට ගන්න ලැබෙන්නේ කසල...!
කසළ තේ පරිභෝජනය ඵලදායී ලෙස අඩු කිරීමට අවශ්‍ය නම් එය අලෙවි කිරීම තහනම් කිරීමටත්, තේ හිමියන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් නීති පැනවිය යුතුයි.