IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෝක චිත්‍ර තරගයකින් ලාංකික දැරියක් පළමු තැනට

(සුමතිපාල දීයගහගේ)

ජපානයේ යුනිසෙෆ් කාර්යාලය සහ ජපානයේ තත්ත්ව සහතික පත්‍ර කාර්යාලය එක්ව 23වන වරටත් පැවැත්වූ  අන්තර් ජාතික ලෝක ළමා චිත්‍ර තරගයකින් පුත්තලම කොච්චුකට්ටිය ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී මලීෂා නිර්මාලී ( 15 ) ලෝකයේ රටවල් අසූ තුනක දරුවන් පරදවා එම තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ.

වයස අවුරුදු 6 සිට 15 දක්වා වයස් කාණ්ඩයේ දරුවන් සඳහා පැවැත්වූ චිත්‍ර තරගයට "සොබාදහමට ආදරය කරන දරුවෝ" යන මාතෘකාව යටතේ මෙම චිත්‍රය ඉදිරිපත් කර තිබේ. එම තරගයට ලෝකයේ රටවල් අසූ තුනක දරුවන් ලක්ෂ ගණනක් ඉදිරිපත් කර තිබු සියලුම නිර්මාණ අභිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමට සමත්ව තිබේ. 

උපතින්ම චිත්‍ර කලාවට දස්කම් දක්වන නිර්මාලී ලෝක ජල දිනය නිමිත්තෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවහන මණ්ඩලය විසින් 2023 වසරේ පවත්වන  ලද චිත්‍ර  තරගයෙන් ද දෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ. මීට අමතරව ජාතික මට්ටමේ චිත්‍ර තරග රැසකින්ම ඇය ජයග්‍රහණ හිමිකර ගෙන  තිබේ.

ගාල්ලේ ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා  කේන්ද්‍රයේ අධ්‍යක්ෂ  පියසේන ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකාවේ දරුවන් මෙම චිත්‍ර තරගයට නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

 



අදහස් (4)

ලෝක චිත්‍ර තරගයකින් ලාංකික දැරියක් පළමු තැනට

upul ranatunga Thursday, 06 June 2024 04:34 PM

සුබපැතුම් දුව...! 

:       0       55

Sayuri Saturday, 08 June 2024 05:53 PM

සුබ පැතුම් අක්කේ.. ඔයා අපේ ඉස්කෝලේට ජයක්

:       0       0

Tharindu Friday, 07 June 2024 02:51 AM

ඔබ රට ට ගෙනා ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් දුව

:       0       20

Nimal Friday, 07 June 2024 08:06 AM

සුබපැතුම්

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site