
(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් කිලෝ 196.8ක් සමග උතුරු මුහුදේදී ජාවාරම් කළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා වලින් ධීවරයන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව යළි මුල සිට විභාග කිරීමට මහාධිකරණයට අද නියෝග කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවක් බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැති පෙත්සම් විභාගයෙන් අනතුරව එලෙස නියෝග කළේය.
හෙරොයින් කිලෝ 196.8ක් සමග උතුරු මුහුදේදී ජාවාරම් කළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවලින් ධීවරයන් වන ආරච්චිගේ අනුර චමින්ද අප්පුහාමි, යක්දෙහිආරච්චිගේ ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි හෙවත් යක්ක ආරච්චිගේ ලසන්ත ප්‍රියලාල්, තවරාසා සුදාකරන්, අග්ලෙසපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍රකුමාර නමැත්තන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඔවුන් සියලු දෙනාම නිදොස් කර නිදහස් කෙරිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පරිපාලනය මොන්ටිසෝරි තත්වයට වැටිලා තියෙන්නේ
අනේ හැකිනම් කෙනෙක් මේ ප්‍රසන්න කියන අයට මොළය දෙන්න.
මොන්ටිසොරි බබාලගෙ කාලෙ තමයි කුඩු කිලෝ 198ක් ගෙනාපු උන් නිදහස් කරල තියෙන්නෙ. රටේ පරිපාලනය යථාවත් වීම නිසා තමයි මේව ආයෙම උඩට එන්නෙ. ඉඳුල් කාපු උන්ට රිදෙන එක සාධාරණයි. තව රිදෙයි කරන්න දෙයක් නැහැ,