(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝක ආහාර සුරක්ෂිතතාවයෙන්  හැටපස් වන ස්ථානයේ සිටි ලංකාව මේ ආණ්ඩුව පැමිණි පසු  75 දක්වා පල්ලම් බැස තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

හාල් මෙට්‍රික් ටොන් හත් ලක්ෂයක් පිටරටින්  ගෙනවිත් තිබෙන අතර අද ගොවීන්ට වී විකුණගන්න නොහැකිව ඇතැයි ද හාල් වැඩිපුරම ගෙන්වා තිබෙන්නේ  ප්‍රධාන මෝල් හිමියන් පස් දෙනා වන අතර ඔවුන් හාල් 160 ට ගෙනැවිත් මෙහේ ලේබල් ගසා 220 ට විකුණන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

ගොවීන් වැඩිපුරම සිටින පොලොන්නරුව අද මන්දපෝෂණයෙන් වැඩිම දිස්ත්‍රික්කය බවට පත්වී අැති බව කී මන්ත්‍රීවරයා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න  වියදම රුපියල් සියයකට වඩා යන නමුත් වී කිලෝවක්  විකුනන්නේ අනූවකට අඩුවෙන් බවද පැවසීය.