(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ වී අස්වැන්න( මහ කන්නය) පසුගිය වසර හයක කාලයේදී මෙට්‍රික් ටොන් හාර ලක්ෂ පනස් දෙදහසකින්(452000) පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවල දැක්වෙන බව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

පසුගිය 2019- 2020  මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3197000 ක්වූ නමුත්   2024/2025 මහ කන්නය වනවිට වී අස්වැන්න මේට්‍රික් ටොන් 2745000ක් දක්වා අඩුවන බව මහාචාර්යවරයා කීය.

ආර්ථික තත්වය හමුවේ ප්‍රමාණවත් පොහොර සහ කෘමි නාශක යෙදීමට නොහැකිවීම, විවිධ ස්වාභාවික උපද්‍රවද  අස්වැන්න අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි කෘෂි විශේෂඥයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ කාලයේදී වී වගා කෙරුණු හෙක්ටයාර් සංඛ්‍යාව වැඩිවී ඇත.

පසුගිය 2019 -20 වසර වලදී( මහ කන්නය) හෙක්ටයාර් 752000ක වගා කර තිබූ අතර 2024- 25 මහ කන්නයේදී එම හෙක්ටයාර්  ප්‍රමාණය ලක්ෂ අටක් දක්වා වැඩිවන බව වසන්ත අතු කෝරල මහතා පැවසීය.

එසේම හෙක්ටයාරයකින් ගන්නා වී  අස්වනු ප්‍රමාණය මේ කාලයේදී සියයට 19කින් අඩුවී ඇති බව පෙන්වා දෙන හෙතෙම  2019 20 මහ කන්නයේ කන්නයේදී  හෙක්ටයාරයකට කිලෝ 4821ක් ලබාගෙන ඇතත්  එම ප්‍රමාණය 2024 25 මහ කන්නයේදී   කිලෝ ප්‍රමාණය 3914ක් දක්වා අඩුවන බව  ප්‍රකාශ කළේය