(තිලකරත්න දිසානායක)
ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ ලී වැඩ පොලක සගවා තිබූ ඉන්ධන තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත ලී වැඩ පොල පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ සගවා තිබූ ඩීසල් ලීටර් 590 ක් සහ පෙට්‍රල් ලීටර් 15 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd