IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලී බඩු සාප්පුව ගින්නට බිලි

(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් පාර මීගොඩ නඩුහේන හන්දිය ආසන්නයේ පවත්වාගෙන ගිය ගෘහ  භාණ්ඩ නිෂ්පාදන අලෙවි සලක අද (30) උදෑසන ඇති වූ ගින්නකින් එම වෙළද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන දැවී ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

වෙළදසල ගිනි ගන්නා අවස්ථාවේදී මීගොඩ පොලිසියේ නිළධාරීන් අසල්වාසීන් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස එක්ව වෙළද සැලෙහි තිබූ දැව භාණ්ඩ කොටසක් පිටතට ගෙන හයිලෙවල් මාර්ගය දෙපස ගොඩ ගැසීම නිසා එම භාණ්ඩ තොගය බේරා ගැනීමට හැකිව තිබේ.

එසේම එම මධ්‍යස්ථානයේ තිබූ තිනර් බැරල් ගණනාවක්ම වහාම ක්‍රියාත්මක වී පිටතට ගැනීමට පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කිරීම නිසාවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවද එම අසල්වාසීන් පැවසීය.

මීගොඩ පොලිසියේ දැනුම්දීම මත ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එහි පැමිණ ගින්න ව්‍යාප්ත වීම නවතා ලීමට කටයුතු කරන ලදී.

 



අදහස් (0)

ලී බඩු සාප්පුව ගින්නට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 362 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site