(විමුක්ති එස් රුද්‍රිගු)
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.
රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය වූ පසුගිය ජූනි 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි ලුණු කන්ටේනර් 400 ක් රේගුවේ සිරවී තිබෙන ලුණු කන්ටේනර් 1000 ට අයත් වන බවත් ඉතිරි 600 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාදවීම හේතුවෙන් සිරවී තිබෙන කන්ටේනර් බවත් අනයනකරුවෝ සඳහන් කළහ.
අවසන් දිනය පසුවී මෙරටට ලැබුණු ලුණු කන්ටේනර් 400 සඳහා රජය සහනයක් ලබා නොදුන් බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කළහ. වෙළෙඳපොළේ මේ වනවිට ප්‍රමාණවත් ලුණු තොග තිබෙන බැවින් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ සහනයක් අපේක්ෂා නොකරන බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනවාට විරුද්ධතාවක් නොමැති බවත් ආනයනකරුවෝ පැවැසූහ.
නැවත ප්‍රතිඅපනයනය කරන ලුණු කන්ටේනර 400 ප්‍රමාදවී ලැබීමට ආනයනකරුවන් හෝ අපනයනකරුවන් වැරදිකරුවන් නොවන බවත් එම අවස්ථාවේදී පැවැති දේශගුණික තත්වය ඊට හේතුවූ බවත් ඔවූහු පෙන්වා දුන්හ.
ආරංචි මාර්ගවලට අනුව දැනට වාරයේ සිරවී තිබෙන ලුණු බහාලුම් 400 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණීමේදී ප්‍රමාද වී ඇත්තේ අහිතකර කාලගුණික තත්වයන් නිසාය.
ගුජරාට් වරායෙන් නියමිත දිනට නැව්ගත කර ඇතත් අහිතකර කාලගුණික තත්වයන් හේතුවෙන් එම නැව් මෙරටට පැමිණෙන විට ජූනි 10 පසුවී ඇත.
රජය අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කර ඇති ලුණු මෙට්‍රික් ටොන් 10,000 වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බවද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ