(පද්මසිරි ගාර්දියවසම් )
අම්බලන්තොට උඩ බැරගම බෝලාන මාර්ගයේදී පාසැල් සිසුන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් එක් පාසැල් සිසුවෙකු මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පැවසීය .
අනතුරින් මියගොස් ඇත්තේ අම්බලන්තොට බෝලාන මහ විදුහලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන , රුහුණු රිදියගම බෝලාන ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.සනෙත් අවිශ්ක නමැති 16 හැවිරිදි පාසැල් සිසුවාය.
අනතුරට පත් ටිපර් රථය පස් පටවා ගෙන උඩ බැරගම සිට බෝලාන දෙසට ධාවනය කර ඇති අතර පාසැල් සිසුන් දෙදෙනා යතුරුපැදියක නැගී බෝලාන දෙස සිට උඩ බැරගම දෙසට ගොස් ඇත.
ඉදිරියෙන් පැමිණෙන ටිපර් රථය දැක යතුරුපැදිය පැදවූ පාසැල් සිසුවාට එය පාලනය කරගත නොහැකිව බිම ඇද වැටී ටිපර් රථයට යටවී ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd