(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රැකියා දෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පැලවත්තේදී අද (11) පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.
විරෝධතාකරුවන් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ මූලස්ථානය දෙසට යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේදී පොලිසිය එය වැලැක්වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්වය ඇතිවිය.
එහිදී විරෝධතාකරුවෝ වර්ෂාව මධ්‍යයේදී ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට පැය කීපයක් විරෝධය දැක්වීමෙන් පසුව විසිර ගියහ.
‘රැකියාවට අයිතියක් -- දුන් පොරොන්දු ඉටුකරනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධයේදී රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධය දක්වා පාගමනින් ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය වෙත යමින් සිටියදී පොලිසිය එම පෙළපාලියට බාධා කළේය.
මෙම විරෝධතාවට දහසක පමණ උපාධිධාරීන් සහභාගි වී සිටි අතර ‘සියලු උපාධිධාරීන්ට වාහා රැකියා ලබාදෙනු, පොරොන්දු වූ රැකියා කෝ සහ උපාධිධාරීන් මහ පාරේ ආණ්ඩුව මර නින්දේ’ ආදි පාඨ සටහන් කළ විශාල පුවරු අතැතිව ඔවුහු විරෝධතාව දැක්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රැකියා විරහිත උපාධිධාරීහු පැලවත්ත වටලති