
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රෝහල් හා ආයතනවල රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025.08.31 දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.
මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනුයේ ඉහත විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අයදුම්කරුවන් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd