
(යොහාන් භාසුර)
රැළිවලට හසුවෙලා ඡන්ද දෙන විට එහි ප්‍රතිඵලය ජනතාව මතකයේ තබාගත යුතු බවත් දැන් තාවකාලික සතුටක් ලැබෙන්නේ ණය නොගෙවන නිසා බවත් ‘43 වැනි සේනාංකයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පෝලිම් නැති නිසා, ගෑස් තිබෙන නිසා, පැය 24 විදුලි සැපයුම ලැබෙන නිසා, ඇවුරුදු උත්සව පැවැත්වීම සහ වෙසක් උත්සවයට සූදානම් වීම හේතුවෙන් ජනතාව මේ වන විට තාවකාලික සතුටක් ලබන බව කී ඒ මහතා ඩොලර් නොමැතිව ඇති වූ අර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නොමැති බව ද සඳහන් කළේය.
ඩොලර් නොමැතිව ඉන්ධන, බෙහෙත් ආනයන කරන්නේ ආනයනය කරන භාණ්ඩ 1200 ක් තහනම් කර ඩොලර් ඉතිරි කරගැනීමෙන් බවත් දැන් ණය නොගෙවුවද ඊට පෙර ණය ගෙවූ බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නම් ඇත්ත රැලිවලට හවුවෙලා චන්දය දුන්නෝය ඇනගන්නවා රිදෙන්නම. හිතට එකගව ම අනාගත දරැවන් වෙනූවෙන් චන්දය දෙමු.
කතාව නම් ඇත්ත රැලිවලට හවුවෙලා චන්දය දුන්නෝය ඇනගන්නවා රිදෙන්නම. හිතට එකගව ම අනාගත දරැවන් වෙනූවෙන් චන්දය දෙමු.
අපේ හාමුදුරුවනේ... මෙයා දෙමටගොඩ හංදියේදී ඇක්සිඩන්ට් කරලා දැන් එනවා දේශනා තියන්න..
ලංකාවේ මිනිසුන්ට කන්න බොන්න දෙනවා නම් ඉන් එහාට කිසිවක් ගැන බලන්නේ නැහැ සමෘද්ධි දෙනවා කිව්වොත් අම්මා වුණත් පවරාදීමට තරම් මිනිස්සු නීචවෙලා තමයි ඉන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම රැල්ලට තමයි ඡන්දය දුන්නේ 1970 හඳෙන් හාල් කෑමට සමගි පෙරමුණ ජයග්‍රහණය කිරීම 1977 ඇට අටක් කන්න ජයග්‍රහණය කරවීම 1987-89 කාලයේ එජාප පාක්ෂිකයන් මරාගෙන ඒවා රජය මතම පටවා 1994 දේශපාලනයේ නොසිටි කෙනෙක් බලයට පත්කිරීම යහපාලනය කාලයේ පල්ලිවලට පහරදී එය ආණ්ඩුව මත පටවා දේශපාලන අ යන්නවත් නොදන්නා කෙනෙක් පත්කර රට අරාජික කිරීම, රැල්ලට යාමේ විපාක තමයි දැනුත් විඳවන්නේ මෙහෙම තියෙද්දී අපි අරුන්ට දුන්නේම නැහැ. මේ වාරයේ අයට දෙනවා කියන මැලේරියාවෙන් අසාධ්‍ය වෙලා සිටින රෝගීන් වගේ දුරදිග නොබලන තත්වයක් දැනට රටේ ඇතිවෙමින් තියෙනවා. ඇත්තටම මෙහෙම මිනිස්සු නිසා මට නම් තියෙන්නේ රට ගැන හරිම බියක් පමණයි..
මේ කතා බුද්ධිමත්ව තේරුම්ගන්න මිනිස්සුන්ට ශක්තිය ලැබේවා.
නෑ..නෑ... උදේම දෙන්නම් මචං... අපි මේ ලැහැස්ති වෙන්නේ ඒකට තමයි...