
ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කර තිබේ.
බයිඩන් මෙසේ අවධාරණය කළේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා, පසුව ඔහු සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
'ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මට කනගාටුයි. ඒත් එය සිදු කර තිබනේනේ ඊශ්‍රායලය නොවෙයි; ප්‍රතිවිරුද්ධ කණ්ඩායමයි' යැයි මාධ්‍ය හමුවේ දී බයිඩන් පැවැසීය.
ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් 500 කට වැඩි පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. පලස්තීනුවන් චෝදනා නගා ඇත්තේ රෝහලට පහර දුන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව බවය. කෙසේ නමුත් ඊශ්‍රායලය පවසා ඇත්තේ හමාස් රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහලට එල්ල වුණු බවය.
ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්හායු හමුවුණු ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේ ස්ථාවරය වී ඇත්තේ ද එයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයට ගොස් සිටින්නේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී, ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරමිණි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මානව අයිතිවාසිකම් උල්ලංගනය කළාලු... ඊශ්‍රායලය ගැහුවාම... "අනිත් එවුන් ගැහුවේ" ...:)
LTTE කාරයොත් කලේ ඔයටික උන් ඉස්පිරිතාලවලට ගහල අපේ හමුදා ව ගැහැව්වා කිව්වා.
මෙක හරියට බලගෙන හිටිය වගෙ කියන්නෙ. මොනතරම් පක්ශග්‍රාහිද කියල පෙනෙනව. අපෙ සොල්දාදුවො වෙඩිකාල මරුන අව්සන් දින 2 ත් අහින්සක මිනිස්සු මැරෙන නිසා ප්‍රතිප්‍රහාර නොදීමෙන්.
උතුරෙ යුද්දෙ කාලෙ අපිටත් කියන්න තිබුනේ එල්ටීටීඊ ප්‍රහාර තමයි එල්ටීටීඊ එකටම වැරදිලා ගිහිල්ල තියෙන්නෙ කියල