
(රංජන් කස්තුරි සහ ජේ.ඒ.එල් ජයසිංහ)
රටපුරා රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන හෙයින් යුධ හමුදාව යොදවා රෝහල්වල කටයුතු සිදු කිරීමට රෝහල් කීපයකට පාලනාධිකාරිය අද (6) පියවර ගෙන තිබිණ.
කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල් කිපයක කටයුතු යුද හමුදාවේ සෙබළු විසින් සිදුකරනු ලැබූහ.
කොළඹ ජතික රෝහල ඇතුළු එම රෝහල්වල රෝගීන් වාට්ටුවෙත රැගෙන යාම, රෝගීන්ට ආහාරපාන බෙදාදීම රෝගීන් ශල්‍යාගාර කරා රැගෙනයාම විදුලි සෝපාන ක්‍රීයාත්මක කිරීම ඇතළු සේවාවන් රැසක් යුද හමුදාව මඟින් සිදුකරනු ලැබීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. පඩිය වැඩිකරගන්න ජොබ් එකන එන ඔක්කොම ගෙදර යවන්න. අපි කැමැතියි පඩි නැතිව හරි වැඩ කරන්න එන්න. අපේ රට ගොඩ ගමු මේ වසංගතයෙන්..
ඔය දේ දුම්රිය සේවයට කරන්න බැරිද..?
නියමයි ඕක තමයි කරන්න තියෙන්නේ.
දැන් කට්ටිය තප්පුලයි මෙන්න මිලිටරිකරණය කරනවෝ කියලා.
රෝහල් සේවයට විතරක් නොවෙයි ,පගා ඉල්ලන ,මිනිස්සුන්ගේ ප්‍රශ්න වවාගෙන කන ,මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට කිසිම උත්සහයක් නොගන්න රාජ්‍ය සේවයේ විශේෂයෙන් පළාත් පාලනයේ ,සහ ප්‍රාදේශීය පාලනයේ සිටින අය වෙනුවටත් හමුදාව දාන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ ඇති බහුතරයක් සාමාන්‍ය ජනයාට සේවය නොකර පඩි ගන්න අය.
රටේ වසංගතයක් පැතිර යමින් පවතින අවස්ථාවක ඉහළම වැටුප් හා වරප්‍රසාද ලබන ගිලානෝත්පත්ති සේවයේ යෙදී සිටින රටේ සුළුතරයක් වූ පිරිස සිය අයිතිවාසිකම් වෙනුවෙන් මහජනතාවගේ බදු මුදලින් යැපෙමින් ඒ මහජනතාවටම රිදවීමේ මහා පාප කර්මයට දිට්ඨ ධම්මවේදිය කර්මයට අනුව දෙලොවදීම පව විඳීමට සිදුවන හෙයින් උපේක්සා සහගතව මේ අය දිහා බලා සිටිමු.
වෙලාවේ හැටියට හොඳ වැඩක්. ලබන වේතනයටවත් වැඩක් නොකර මේ කරන දෙය හොඳ මදි. හමුදාව මේ සඳහා පුහුණු කරන එකත් හොඳ දෙයක්...