
(අංජුල මහික වීරරත්න)
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ නැවත බාර ගත් බව ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළැයි රත්න ශ්‍රී විජේසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (30) ප්‍රකාශයක් කරමින් මාධ්‍යයට දැනුම් දුන්නේය.
එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රත්න ශ්‍රී විජේසිංහ මහතා පැවසූයේ රජයේ ඉල්ලීම පරිදි නැවත තනතුරේ කටයුතු කිරීමට තීරණය කළ බවයි.
තව ටික කාලයක් හරි වැඩ කරන්නැයි රජයෙන් ඉල්ලීම් ලැබුණු බව කී රත්න ශ්‍රී විජේසිංහ මහතා ඒ අනුව අමාරු කම් දරාගෙන තනතුරේ වැඩ කටයුතු කරන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd