
(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේ සේවය කළ පුද්ගලයකු, තමන්ට නිල නිවසේදී හිරිහැර සිදුවූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බවත් පවසමින් මහ කොමසාරිස්වරයාට විරුද්ධව බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පැමිණිල්ල සිදුකළ පුද්ගලයා මහ කොමසාරිවරයාගේ නිල නිවසේ අරක්කැමියකු ලෙස සේවය කර ඇති බවත් මේ වනවිට ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
මහ කොමසාරිස්වරයාට තානාපති විනිර්මුක්තිය තිබෙන බැවින් ඔහුට විරුද්ධව විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් සිදු නොවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දත් අයින් කරපු කෙනෙක්ට රනිල් වික්‍රමසිංහ ඔය තනතුර දුන්නේ.
බෝගොල්ලාගම කියන්නේ විදේශ සේවයේ අයෙකු නොවෙයි. අඩුම තරමින් මේ ආණ්ඩුවවත් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ලෙස විදේශ සේවයේ අය පමණක් පත්කරාවි යයි සිතනවා. නමුත් එහෙම වෙන්න ඇති ඉඩ අඩු බව ලේකම් වරුන් පත්කළ ආකාරයෙන් අපිට ඉඟි කරනවා. කමක් නැහැ මේ සිරි ලංකාවනේ.
රනිල් සීයාගේ "වර්ගයේම " එක්කෙනෙක් මේ බෝගොල්ලාගමයා.ගෙදර නෝනා නැතිවෙලාවක ආරක්කැමියාව ලිංගික දුෂණයකට ලක්කරලා. කෙසේවෙතත් මේකාගේ තානාපති ජොබ් එක හෙට අනිද්දා ඉවර වෙනවා. නව රජයක් පැමිණි වහාම ලංකාවට කැඳවනවා, ඊට පස්සේ මේ නාකි පොරට විරුද්ධව නඩු පවරන්න පුළුවනි ඔය ලිංගික අපචාරයට ලක්වුණ පුද්ගලයාට.
පලතුරු සීයාගේ හිතවත් රටේ මුදල් කාබාසිනියා කරන හෙන තක්කඩියෙක් තමයි ,මෙය කොහොමද තවමත් මහා කොමසාරිස් විදිහට ඉන්නේ ?
ජෙප්පෙක් වෙන්න අති.
මේ මනුස්සයා ලංකාවට කැඳවන්න.
හොරකම් වංචා දූෂණ නාස්තිය කරපු ,ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු කෙනෙක්?
හොඳයි