
(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් සංවිධානය කර තිබු රැස්විමකින් පසු පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන ඇත.
එම රැස්විම නුවරඑලිය ප්‍රදේශයේ තොරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබු අතර, රැස්විමෙන් අනතුරුව සහභාගි වු පිරිස වෙනුවෙන් සංචාරක හෝටලයේ භෝජනාගාරයේ ඊයේ (18) රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.
භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් (17) දින එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර බලා රැස්විම පවත්වන ලෙසත්, එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසට සංවිධායකයන්ට උපදෙස් ලබා දි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතට දාහක් දීලා බත් පැකට් එකක් රැස්වීම් සඳහා දිනපතාම දෙනවා කියන අය ගැන මොකවත්ම බලන්නෙ නැද්ද?
පිරිත් ටිකක් කියල සංග්‍රහයක් පවත්වුවානන් කොහෙත්ම විරුද්ධ වෙන එකක් නැහැ නේද ?