
( ඩී.ජී. සුගතපාල)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හාලිවල ප්‍රදේශයේදි ජනපති අපේක්ෂකයකුට සහාය සඳහා පවත්වන ලද රැස්විමකට පැමිණි පිරිසකට ලබා දිමට සුදානම් කළ බවට සැකකරන ආහාර පාර්සල් 331ක් සමග එම ආහාර පාරසල් සකස් කළ පුද්ගලයා මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලිසිය එක්ව අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හාලිවල හිල්සයිඩ් වත්ත පදිංචි 48 හැවිරිදි රියදුරෙකි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විම සංවිධානය කර තිබු අතර එම රැස්විමට පැමිණෙන පිරිසට ලබාදිම සඳහා මෙම ආහාර පාරසල් සකස් කර ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ පැමිණිලි විමරශණ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග එක්ව අත් අඩංගුවට ගෙන ජංගම පොලිස් මුර සංචාරක කණ්ඩායමකට බාරදි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් කැකිල්ලේ වැඩත් යනවා වගේ. කෑම උයපු කෙනා මොනවා කරන්නද? සන්විධායකයන් නේද වැරැදි...?
මේ මනුස්සයා ආහාර පාර්සල් හදන්න ඇත්තේ ඒ මිනිහාට සල්ලි ගෙවලා බාර දීපු ඕඩරේකට වෙන්න ඇතිනේ...
ඔහොම නීතියක් රටේ නැහැ , කෑම සකස්කළා කියල අත්අඩංගුවට ගන්න බැහැ , කෑම් චන්දෙ බලපොරෝතුවෙන් මිනිසුන්න්ට නොමිලේ බෙදා දෙන පුද්ගලයා අල්ලගන්න ඕනේ , ඔහොම කරනවා නම් උදලුතල , ටකරන් , සිමෙන්ති විකුණන ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන මුදලාලිලා සියල්ල රිමාන්ඩ් කරන්න වෙනවා නේද ?