IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රුසියාවට පහර දෙන්න යුක්රේනය යාන පහක් එවලා

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරමින් පැමිණි ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත් වූ බව මොස්කව් නගරයේ නගරාධිපති සර්ගේ සොබ්යනින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නොමැති බව නගරාධිපතිවරයා පෙන්වා දී තිබේ.

නව මොස්කව් ප්‍රදේශයේදී මෙම ඩ්‍රෝන යානා දෙක බිම හෙළා ඇත.මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන ඩ්‍රෝන 5 ක් රුසියාවට පහර දීම සඳහා අද(04) උදෑසන පැමිණ ඇති බවත් ඉන් ඩ්‍රෝන යානා හතරක් නව මොස්කව් ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙළා ඇති බවත් එක ඩ්‍රෝන යානයක් මොස්කව් නගරයට කිලෝ මීටර 190 ක් පමණ දුරින් කඩා වැටී ඇති බවත් පවසා තිබේ.

ඩ්‍රෝන යානා බිම දැමීමෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනය බටහිර රටවල් ලබා දෙන ආධාර භාවිත කරමින් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන බවයි.ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් යුක්රේනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය දක්වන බවයි.

 



අදහස් (1)

රුසියාවට පහර දෙන්න යුක්රේනය යාන පහක් එවලා

de silva Wednesday, 05 July 2023 02:32 AM

මේ රුසියාව කියන විදිහට ඒගොල්ලෝ යුක්රේනයට බෝම්බ දමලා විනාශ කරලා, මිනිස්සු මරලා දැම්මට කමක් නැහැ... නමුත් යුක්රේනයට, රුසියාවට පහර දෙන්න බැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site